පාකිස්තාන නව අගමැති මක්දූම් ද? අෂ්රෆ් ද?

පාකිස්තාන නව අගමැති මක්දූම් ද? අෂ්රෆ් ද?

ඡන්ද විමසීම අද

පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් එරට නව අගමැතිවරයා ලෙස රෙදිපිළි කර්මාන්ත ඇමැති මක්දූම් ෂහබුදීන් නම්කර තිබෙන බව රාජ්‍ය රූපවාහිනිය ඊයේ වාර්තා කළේය.

පසුගිය අඟහරුවාදා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගමැති යූසුෆ් රාසා ගිලානි අධිකරණයට අපහාස කිරීමේ වරද මත අගමැති තනතුරෙන් පහ කිරීමෙන් පසු ඒකමතිකත්වයකින් යුතුව නව අගමැතිවරයකු පත්කරගැනීම සඳහා සර්දාරි සෙසු සගයන් සමඟ අර්බුදකාරි සාකච්ඡාවක නිරතව තිබිණ. පාකිස්තාන රූපවාහිනිය ප්‍රකාශ කළේ පාකිස්තාන ජනතා පක්ෂයේ සම සභාපතිත්වය දරන ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් අගමැති අපේක්ෂකයකු ලෙස මක්දූම් ෂහබුදින් නම්කර ඇති බවය.

කෙසේවෙතත් සර්දාරි විසින් නව අගමැතිවරයා තෝරාගැනීම සඳහා අද ජාතික රාජ්‍ය සභාව කැඳවා ඇති බවද සඳහන්ය.

ෂහබුදීන් ඊයේ ඔහුගේ නාමයෝජනා බාරදෙනු ඇතැයිද ෆෙඩරල් කටයුතු ඇමැති රාජා පර්වේස් අෂ්රෆ් තවත් විකල්ප අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වනු ඇතැයිද පැවසී තිබිණ.

අගමැති ගිලානි එම තනතුරට නුසුදුසු බවට දුන් අධිකරණ තීන්දුවෙන් පාකිස්තානයම දේශපාලන ව්‍යාකූලත්වයකට පත්ව තිබේ.

නව අගමැති ලෙස නාමයෝජනා බාරගැනීම ඊයේට නියමිතව තිබුණු බව ජාතික රාජ්‍ය සභාවෙන් ප්‍රකාශයට පත්ව තිබුණේ අද ඒ පිළිබඳ ඡන්ද විමසීම පවත්වන බවද සඳහන් කරමිනි.

මේ අතර විශ්ලේෂකයන් පවසන්නේ නව අගමැතිවරයාටද ගිලානිට අධිකරණයෙන් පැවරුනු කාර්ය වන සර්දාරිට එරෙහි දුෂණ චෝදනා විමර්ශනය සඳහා ස්විස්බලධාරින් යොමුකිරීමේ කාර්යට අනුගත වන්නට සිදුවනු ඇති බැවින් සර්දාරි විසින් ඔහුට පක්ෂපාතී තැනැත්තෙකු ජන්ජාබ් පළාතෙන් පත්කරගනු ඇති බවය. මේ අතර අමෙරිකාවද ව්‍යවසාථෘවට අනුව මතුව ඇති අර්බුදය විසඳාගන්නා ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා