2012-03-16

 

සිතින් නින්දා නොලබන්නෙක් වෙමු....

සිතින් නින්දා නොලබන්නෙක් වෙමු....

අපි තමාගේ සිත තමාට නින්දා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඒ වගේම තමාගේ සිත තමාට ප‍්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ටත් ඕනැ. ඒ වගේම අපි, බාහිර ලෝකයේ ප‍්‍රශංසාව අපේක්ෂා නොකළ යුතුයි.

බාහිර ලෝකයේන් නින්දා අපිට ලැබෙයි. හැබැයි තමන්ගේ සිතින් තමන්ටම නින්දා ලැබීම තමයි අපිට විපත පිණිස පවතින්නෙ.

මතක තියා ගන්න, අපට බාහිර ලෝකයෙන් කොච්චර නින්දා ආවත් ඒක නිවන් මඟට බාධාවක් වෙන්නෙ නෑ. බාහිර ලෝකයෙන් එන නින්දාව මගේ කියල ගත්තොත් ඒක නිවන් මඟට බාධාවක්.

හැබැයි තමන්ගේ සිතින් තමන්ට නින්දා කලොත් ඒක නිවන් මඟට බාධාවක්. ඊලඟ දේ තමයි බාහිර ලෝකයෙන් කොච්චර ප‍්‍රශංසා කලත් ඒක අපිට නිවන් මඟට උපකාර වෙන්නෙ නෑ.

හැබැයි තමාගේ සිත තමාට ප‍්‍රශංසා කරනවා නම් ඒක නිවන් මඟට උපකාරයක්. ඒ නිසා අපි නින්දා ලැබිය යුත්තෝ නොවිය යුතුයි. අපි ප‍්‍රශංසා ලැබිය යුත්තෝ බවට පත්වෙන්ට ඕනැ. හැබැයි ප‍්‍රශංසා අපේක්ෂා කරන්ට එපා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!