2012-03-30

 

විවෘතභාවය තේරුම් ගනිමු (2 කොටස)

විවෘතභාවය තේරුම් ගනිමු (2 කොටස)

ඊලඟ දේ තමයි වචනයෙන් අපි අතින් වරදක් වුනොත් අපි අනිවාර්යෙන්ම විවෘත විය යුතුයි. වචනය අසංවර වෙලා අපි අතින් වරදක් සිදුවුනොත් අපි එතෙන්දි ඉක්මනින් විවෘත භාවයට පත්වෙන්ට ඕනැ. කායික ක්‍රියාවක් හේතුවෙන් අපි අතින් වරදක් වුනොත් එතකොටත් අපි ඉක්මනින් විවෘත භාවයට පත්වෙන්ට ඕනැ.

හිතේ එහෙම අකුසලයක් හටගත්තොත් ඒක බලවත්ව එනව නම් නැවත නැවත එනව නම් අපි විසින් කළ යුත්තේ ඒ හිතට නිග්‍රහ කරල ඒක දුරු කරන්ට කල්පනා කිරීම. හැබැයි අපිට ඒ අකුසලය දුරුකරගන්ට බැරි නම්, වෑයම් කරනව දුරුකරගන්න බෑ, හිත යටවෙලාම ගිහිල්ල. කිසි දෙයක් කරගන්න බැරි මට්ටමට තමන් අකර්මන්‍ය වෙලා යනව නම්, ඒ වෙලාවට කළ්‍යාණ මිත්‍රයාට විවෘත විය යුතුයි.

එතකොට වචනයෙන් වරදක් වුනොත්, කායික ක්‍රියාවක වරදක් වුනොත්, ඒක ඉක්මනින් ම ශ්‍රාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රමචාරීන් වහන්සේ නමකට හෝ විවෘත කරල හෙළි කරළ ආයතිං සංවරයේ පිහිටන්ට ඕනැ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!