චමින්දගේ රන් සපත්තුව අතුරුදන්

චමින්දගේ රන් සපත්තුව අතුරුදන්

මීටර් 1500 රන් පදක්කම දිනාගනිද්දී උපයෝගී කොටගත් චමින්ද විජේකෝන්ගේ සපත්තු යුගළ තරගය නිමාවී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී අතුරුදහන් වී ඇත.

තරගයෙන් පසුව සපත්තු යුගළ ගලවා වෙනත් සපත්තු යුගළක් පැළද පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට ගිය අතරතුරදී මේ සිදුවීම වී ඇත. ඔහුගේ බෑගයේ තිබූ කිසිවක් අඩුවී නැතත් තරගයට භාවිතා කළ සපත්තු යුගළ පමණක් සොයාගත නොහැකිවිය.

මේ පිළිබඳව ක්‍රීඩාපිටිය භාර නිලධාරීන්ට දැනුම්දී ඇති අතර, ඊයේ සවස් වනතුරු යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.

චමින්ද විජේකෝන්ට පසුගිය කාලය පුරා ජයග්‍රහණ රැසකට දායක වූ මේ සපත්තු යුගළ කෙන්යාවේ නිෂ්පාදිත ඉහළ වටිනාකමකින් යුක්ත වූවකි.

අද පැවැත්වෙන මීටර් 5000 තරගයට අලුත් සපත්තු යුගළක් සොයාගැනීමට චමින්ද විජේකෝන්ට සිදුවී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා