පොළොන්නරුවේ ගොවි දරුවන් දෙදෙනෙක්

පොළොන්නරුවේ ගොවි දරුවන් දෙදෙනෙක්
රන් පදක්කම් දිනීම ශ්‍රී ලංකාවට අභිමානයක්

- ඇමැති මෛත්‍රීපාල සිරිසේන

පොළොන්නරුවේ ගොවි දරුවන් දෙදෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී රන් පදක්කම් ලබා ගැනීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් යැයි කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනූ පොළොන්නරුව මොනරතැන්න පදිංචි චින්තන ගීතාල් විදානගේ සහ පොළොන්නරුව නව නගරයේ පදිංචි කමල් බණ්ඩාර ජයග්‍රහණයෙන් පසු පොළොන්නරුවට පැමිණීම නිමිත්තෙන්, පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා සංගමය සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

මෙහිදී තවදුරටත් කතා කළ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා,

ජාත්‍යන්තර ක්‍රීඩා තරගයකදී ඓතිහාසික පොළොන්නරුවේ දරුවන් දෙදෙනෙකු රන් පදක්කම් ලබාගනිමින් ජයග්‍රහණය ලබා ගැනීම මුළුමහත් රටටම ආඩම්බරයක්. එසේම මේ දරුවන්ගේ මව්පියන්ට විශාල ගෞරවයක් බවත් ප්‍රකාශ කෙළේය.

මේ ක්‍රීඩකයින් දෙදෙනාගේ පුහුණුකරු උපුල් කුමාර මහතා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වුණා. මේ අවස්ථාවේදී එතුමා සිහිපත් කරනවා. මේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කටයුතු නැංවීමට රජයක් වශයෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මේ අවස්ථාවට කෘෂිකර්ම හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුද සහභාගි වූහ.

දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් දිනූ පොළොන්නරුවේ චින්තන ගීතාල් විදානගේ හා කමල් බණ්ඩාර පිළිගැනීමේ උත්සවයක් පොළොන්නරුවේදී පැවැත්විණි. කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති ;;මත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් යන මහත්වරු ක්‍රීඩකයින් දෙදෙනා පිළිගැනීමෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනාගේ මව්පියන් සමඟ “දිනමිණ” ඡායාරූපයට මුහුණ දුන් අවස්ථාව.

ඡායාරූපය – ගාමිණි ඔබේසේකර - පොළොන්නරුව විශේෂ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා