ජයසූරියගෙන් අගනා පිති හරඹයක්

ජයසූරියගෙන් අගනා පිති හරඹයක්

පළපුරුදු ආරම්භක පිතිකරු සනත් ජයසූරිය නැවතත් ලකුණු අතරට පිවිසෙමින් පන්දුවකට ලකුණක් බැගින් වන පරිද්දෙන් ලකුණු 87ක් රැස් කරමින්ද වේග පන්දු යවන ලසිත් මාලිංග ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙලමින්ද රුහුණ පළාත් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිලට එරෙහිව ලකුණු 191ක ජයග්‍රහණයක් කරා ගෙන ගියහ.

මේ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැත්විණි.

රුහුණ : කඩුලු 6ට 293 (ඕවර 50)

යූ. තරංග 41, එස්. ජයසූරිය 87, ටී. සම්පත් 43, එල්. ප්‍රනාන්දු 27, කේ. කුලසේකර 28, ජී. ද සිල්වා නොදැවී 34 (සී. පීරිස් 62 ට 2)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල : 102 (ඕවර 27.3) . රාජපක්ෂ 59 (එල්. මාලිංග 21 ට 4)

කඳුරටට ජය

කඳුරට හා බස්නාහිර උතුර පළාත් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජයීය පිටියේදී පැවැති තරගයෙන් කඳුරට පිලට ලකුණු 52ක ජයක් හිමිවිය.

මේ තරගයේදී කඳුරට පිල වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් හා චින්තක ජයසිංහ අර්ධ ශතක වාර්තා කරමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක නොබිඳි සබඳතාවක් ගොඩනැගූහ.

කඳුරට : කඩුලු 5ට 253 (ඕවර 50)
කේ. වීරරත්න 48, ටී. සමරවීර 23, ජේ. මෙන්ඩිස් නොදැවී 67, සී. ජයසිංහ නොදැවූ 69 (එස්’. සේරසිංහ 46 ට 3)

බස්නාහිර උතුර : 201 (ඕවර 44.5)
කේ. සිල්වා 20, ඒ. මැතිව්ස් 52, එස්. සේරසිංහ 24, ආර්. සිල්වා නොදැවී 42 (සී. විදානපතිරණ 36 ට 2, ටී. තුෂාර 32 ට 2, එම්. මුරලිදරන් 45 ට 2, එස්. රන්දිව් 43 ට 2)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා