ඩොලර් මිලියන 4ක මත්ද්‍රව්‍ය මලයාසියාවට ගෙන ගිය

ඩොලර් මිලියන 4ක මත්ද්‍රව්‍ය මලයාසියාවට ගෙන ගිය
ඉරාන ජාතිකයන් 3ක් දැලේ

ක්වාලාලම්පූර් හිදී – ඒ. එෆ්. පී.

ඩොලර් මිලියන 4 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මැලේසියාවට හොරෙන් රැගෙන ඒම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි වරදකට එරට නීතිය අනුව මරණීය දණ්ඩණය පැමිණවිය හැකි බව රේගු නිලධාරීන් පවසා ඇත.

කිලෝ ග්‍රෑම් 54.54 ක මත්ද්‍රව්‍ය තොග ළඟ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු සහ පුරුෂයකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් ඩුබායි හරහා ක්වාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ඩුබායි රටේ ආර්ථිකය කඩාවැටීමත් සමඟ මැලේසියාවට මත්ද්‍රව්‍ය හොරෙන් රැගෙන ඒම වැඩිවී ඇති බව බලධාරීහු පවසති. මැලේසියාවේ මත්ද්‍රව්‍ය සඳහා හොඳ වෙළඳපොළක් සහ ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇත.

2010 ජනවාරියේ සිට හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලි ඉරාන ජාතිකයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 2009 වසර තුළම අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව හත් දෙනෙකු පමණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා