කරච්චියේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය කිහිපදෙනෙකුගේ

කරච්චියේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය කිහිපදෙනෙකුගේ
අවමඟුලට විශාල පිරිසක්

කරච්චියේ බස් රථයක සහ රෝහලක සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය අය අතුරින් කිහිපදෙනෙකුගේ අවමංගල්‍ය උත්සව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා පැවැත්විණි. මෙම අවස්ථාවේදී ගැටුම්කාරී තත්ත්වයක් මතුවේය යන සැකයෙන් නගරයේ ආරක්ෂක සංවිධාන තරකර තිබිණි.

කරච්චියේ වීදි පාළු ස්වභාවයක් ඉසුලු අතර, පාසල්, සාප්පු සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන වසා දමා තිබූ බව වාර්තාවේ.

මෝටර් රථවල සවිකර තිබූ බෝම්බ දුරස්ථ පාලක මගින් පුපුරුවා හැරීමෙන් මෙම ප්‍රහාර සිදුකර ඇති බව මුලික විමර්ශනවලින් හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

මුල් බෝම්බයෙන් පුපුරා ගොස් ඇත්තේ ෂයිටි සැදැහැවතුන් පිරිසක් ගමන්ගත් බස් රථයකි. එම අනතුරින් 14 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

දෙවන බෝම්බය එල්ල වූයේ රෝහලකටයි. ප්‍රහාරයෙන් 13 දෙනෙක් මියගියහ. මෙම ප්‍රහාරවලින් තුවාල ලබා ඇති මුළු සංඛ්‍යාව 170 කි. 1980 දී මෙවැනි ප්‍රහාරයන් නිසා මියගිය සංඛ්‍යාව 4,000 ක් ඉක්මවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා