ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය මාස 30 කින් පරාජය කළා

ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය මාස 30 කින් පරාජය කළා

- විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම

වසර 30 කට අධික කාලයක් මේ රට විනාශ කළ ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය මාස තිහක් වැනි කොටිකාලයකින් පරාජය කිරීමට හැකිවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට බව විදේශ කටයුතු පිළිබ¼ඳ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය.

මේ රටේ කුමන මැතිවරණයක් පැවැත්වූවත් ජනපතිගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බවද ඒ මහතා කීය.

මධ්‍යම - වයඹ පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදීම ත‍්‍රස්තවාදයත් පරාජය කැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කිරීම ලෝකයට පෙන්වාදීමක් බවද කීවේය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා නිකවැරටිය බෝගොල්ලාගම, ගිරිල්ල හා දිගනෑව ප‍්‍රදේශවල පැවති ජනහමුවලට සහභාගි වෙමිණි.

ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ලෝකයේ දරුණු ත‍්‍රස්තවාදී සංවිධානය වූ එල්. ටී. ටී. ඊය පරාජය කිරීම නිසා ලෝක ප‍්‍රජාව අද ශ‍්‍රී ලංකාව ආදර්ශයට ගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදය පරාජය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාවයි.

රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ජනතාවගේ අනුමැතිය ලබාදීමේ අවස්ථාව වයඹ ජනතාවට ලැබී තිබෙනවා. ත‍්‍රස්තවාදීන් පලිහක් කරගෙන ඇති ජනතාව මුදා ගන්න අගරදගුරුතුමන්ලා හා බිෂොප්වරු සාකච්ඡා කළා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා