ඊනියා දෙමළ සන්ධානය තහනම් කැර ....

ඊනියා දෙමළ සන්ධානය තහනම් කැර
දෙමළ ජනයාට නිදහස ලබාදිය යුතුයි

- ජාතික නිදහස් පෙරමුණ

දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයාගේ හඬ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පැවසුවද ඛේද ජනක සිද්ධියක් සිදුව තිබියදී කිසිදු හඬක් නඟන්නේ නැතැයි ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොටි සංවිධානය සේම ඊනියා දෙමළ ජාතික සන්ධානයද තහනම් කැර දැමීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් සාමාන්‍ය දෙමළ ජනයාට පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී තම හඬ නැංවීමට පහසු වේ යැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ විසින් නිකුත් කැර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය දෙමළ ජනයාට ඊනියා දෙමළ ඊළමක් මවා පාමින් ජාතික සහ අන්තර්ජාතික සතුරු බලවේගවල ආධාරය ලබමින් වැජඹුනු කොටි ත‍්‍රස්තවාදය අද අවසන් හුස්ම පොද හෙළමමින් සිටීයි.

නොලැබෙන ඊනියා දෙමළ ඊළමක් වෙනුවට ශී‍්‍ර ලංකාවේ සෙසු ජනයා සමඟ මුසුව ජීවත්වීමේ අභිලාෂය ඇතිව, ජීවිත කාලයක් පුරාවට හරි හම්බ කරගත් දේපළවලින් දෑතේ ගෙන යා හැකි තරම් දෑ සහිතව තම දුවා දරුවන් සමඟ සැතපුම් ගණන් දුර ගෙවමින් අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් එළිමහන් වද කඳවුරේ සිට රජයේ හමුදා විසින් පවත්වා ගෙන යනු ලබන අවතැන් වූවන්ගේ කඳවුරු වෙතට සිවිල් දෙමළ ජනයා පැමිණෙමින් සිටී.

මේ තත්ත්වය තම අවසානය නියත බව වටහා ගෙන සිටින ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තයන් තම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අවතැන් වූ දෙමළ ජනයා වෙසෙන කඳවුර තුළටම ගොස් පුපුරුවා ගන්නට මෙහෙයවමීන් සිටී.

මෙහි ඇති ම්ලේච්ඡත්වය තව තවත් තීව‍්‍ර වන්නේ මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් වැඩි ගණනක් සිටීම නිසයි.

කොටි ත‍්‍රස්තවාදය දෙමළ ජනයාට ලබාදෙන ඊනියා නිදහසේ තරම මෙවැනි ඝාතනවලින් ශිෂ්ට ලෝකයට ප‍්‍රදර්ශනය කරන අතර ජාතික නිදහස් පෙරමුණ මෙවැනි ම්ලේච්ඡ ඝාතන දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

මේ ම්ලේච්ඡ ඝාතනය සමඟ පැන නඟින තවත් තත්ත්වයක් නම් දෙමළ ජනයාගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරුන් තවමත් මේ ම්ලේච්ඡ කි‍්‍රයාව සම්බන්ධව වචනයකුදු නොපැවසීමයි.

ඔවුන් කොටි ත‍්‍රස්තයන්ට කුමන හෝ හානියක් සිදුවන්නේ නම් මහා හඬක් නැගුවද මෙහිදී නෑසූ කන්ව සිටිනුයේ ම්ලේච්ඡත්වය ඔවුන්ද අනුමත කරන නිසා යයි අපි විශ්වාස කරමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා