එජාපයේ ජය නිමාවන්නේ රනිල් ජනපති කිරීමෙන්

එජාපයේ ජය නිමාවන්නේ රනිල් ජනපති කිරීමෙන්

- එජාප අපේක්ෂක ලාෆීර් හාජියාර්

මධ්‍යම පළාත් සභාව ජයගෙන එජාපය අරඹන ජයග‍්‍රාහි ගමන නතර වන්නේ මේ රටේ විධායක ජනපති ධූරයට රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කර ගැනීමෙන් පසුව බව මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ති‍්‍රක් එජාප අපේක්ෂක ලාෆීර් හාජියාර් මහතා පැවැසීය.

මධ්‍යම පළාත් සභාවේ බලය එජාපයට ලබාදී ඉන් නොනැවතී මහ මැතිවරණයෙන් ජයද නියත ලෙසම එජාපයට ලබාදෙන බවද ඒ මහතා කීය. කටුගස්තොට, ගොහාගොඩ ප‍්‍රදේශයේදී පැවැති එජාප ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් ලාෆීර් හාජියාර් මහතා මේ බව පැවැසීය.

මධ්‍යම පළාත් එජාප මහ ඇමැති අපේක්ෂක එස්. බී. දිසානායක අද එජාපයට මහා ශක්තියක් වී ඇති බවත්, ඔහු වටා ජනතාව රොක්වී රජයේ ජයග‍්‍රාහී මැතිවරණ රැල්ලට නැවතීමේ තිත තබන්නට බලා සිටින බවත් ඒ මහතා කීවේය.

නිවැරැදි ආර්ථික කළමනාකරණයක් නොමැති කමින් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සුළු ජාතිකයන්ගේ ඡන්ද සියල්ල එජාපයට හිමිවන බවත් ඒ මහතා කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා