තලේබානුවෝ පාකිස්තානයේ පාසල් 2ක් බෝම්බ දමා විනාශ කරති

තලේබානුවෝ පාකිස්තානයේ පාසල් 2ක් බෝම්බ දමා විනාශ කරති

වයඹ දිග පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් විසින් පෙරේදා පාසල් දෙකක් බෝම්බ ප‍්‍රහාරවලින් විනාශ කැර තිබේ.

භද්‍රා - බේර් ගම්මානයේ බාලිකා පාසලක් ද බජුවාර් ගෝති‍්‍රක ප‍්‍රදේශයේ ඛාර් නගරයේ පිහිටි පිරිමි ප‍්‍රාථමික පාසලක් ද මෙම බෝම්බ ප‍්‍රහාරවලින් බිමට සමතලා වී ඇත.

බෝම්බවල බලවත් කම නිසා පාසල් දෙකම මු‍්‍රළුමනින් ම විනාශ වී තිබේ. ප‍්‍රාදේශීය වශයෙන් නිෂ්පාදිත බෝම්බ දෙකක් ඊයේ උදේ මේ පාසල් ගොඩනැගිලිවල අටවා තිබී ඇත.

පසු ගිය වසරේ බජාවුර් හි දී පමණක් පාසල් 40ක් පමණ විනාශකැර තිබේ. ස්වැට් මිටියාවතේ දී සටන්කාමීන් විසින් පාසල් 200 කට ආසන්න ගණනක් විනාශ කැර ඇත. මෙයින් බහුතරයක් බාලිකා පාසල්ය. මේ සියල්ල විනාශ කැර ඇත්තේ ෂරියා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දෙවසරක ප‍්‍රයත්නය මැදය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා