තලේබාන් නායකයාට එරෙහි නායක ‘කුවාරි’ වෙඩිතබා ඝාතනය කරලා

තලේබාන් නායකයාට එරෙහි නායක ‘කුවාරි’ වෙඩිතබා ඝාතනය කරලා

පාකිස්තානයේ තලේබාන් නායක බයිතුල්ලා මේසුඩ් ට එරෙහි ගෝත‍්‍රික කණ්ඩායමක නායකයා වයඹදිග ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේදී ඊයේ වෙඩිතබා ඝාතනය කැර ඇතැයි පොලීසිය පවසයි.

මේසුඩ්ට එරෙහි හමුදා මෙහෙයුම් වලට සහාය දක්වන බව මෑතදී ප‍්‍රකාශ කළ කුවාරි සෙයිනුදීන් නම් මේ ගෝති‍්‍රක නායකයා සිය කාර්යාලයේ සිටියදී සන්නද්ධ පුද්ගලයකු විසින් ඔහුට වෙඩිතබා තිබේ. ඔහු වහා රෝහල්ගත කළද බරපතළ ලෙස තුවාල ලබා තිබීම හේතුකොටගෙන මියගොස් ඇත.

ඔහුගේ සහායකයකු මේ වෙඩිතැබීමෙන් තුවාල ලබා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා