වොෂින්ටනයේ දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටී 6ක් මරුට: 79කට තුවාල

වොෂින්ටනයේ දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටී 6ක් මරුට: 79කට තුවාල

මගීන් විශාල සංඛ්‍යාවක් ගමන් ගත් මෙටෙ‍්‍ර¤ දුම්රියක් පෙරේදා සවස වයඹදිග වොෂිංටන්හි මේරිලන්ඩ් ප‍්‍රාන්තයේදී දුම්රිය මාර්ගයේ නතර කර තිබූ තවත් දුම්රියක ගැටීම නිසා සිදුවූ භයානක අනතුරකින් මගීන් 6 දෙනෙක් මිය ගොස් 79 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.

එක පිට එක වැටුණු දුම්රිය පෙට්ටිවල හිරවී සිටි මගීහු ඉවතට ගැනීම සඳහා සහන සේවකයන්ට විශාල ප‍්‍රයත්නයක් දැරීමට සිදුවී තිබේ.

ඇතැම් දුම්රිය පෙට්ටි සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වී තිබේ.

මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චය කර ගෙන නැති අතර තවදුරටත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු කරගෙන යනු ලබයි. 33 වසරක මෙටෙ‍්‍ර¤ දුම්රිය ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම අනතුර ලෙස සැලකේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සහන සේවකයන් තවමත් තුවාලකරුවන් සහ සුන්බුන් අතර සිරවී සිටින මගීන් සෙවීමේ කටයුතුවල යුහුසුළුව නිරතවී සිටිතැයි එරටින් වාර්තා වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා