නෝර්වේජියාවේ හෂොව්ඩ්ට ජය

ප‍්‍රංශ සවාරියේ 6වැනි අදියර

නෝර්වේජියාවේ හෂොව්ඩ්ට ජය

ගෙරෝනා සිට බාසිලෝනා දක්වා පැවැති වැසි සහ අනතුරු සහිත හය වැනි අදියර ජය ගනිමින් නෝර්වේජියාවේ තෝර් හෂොව්ඩ් මේ වසරේ ප‍්‍රංශ සවාරිය පාපැදි තරගයේ ජයග‍්‍රහණයක් ලබා ගැනීමේ සිය අපේක්ෂාව ඉටු කර ගත්තේය.

කිලෝමීටර 181.5 ක අදියර අවසානයේ ෆැබියන් කැන්සෙල්ලාරා තත්පර 0.22 කින් අමෙරිකාවේ ලාන්ස් ආම්ස්ටෝංට වඩා ඉදිරියෙන් සිටිමින් තරගයේ පෙරමුණේ සිටින කී‍්‍රඩකයාට හිමි කහ ජර්සිය රැකගෙන සිටියේය.

තරගය ඊයේ පිරනීස් කඳු තරණයේ පළමු දිනයට පිවිස සිටියේය. හෂොව්ඩ් මෙවර තරගයේ සිය කණ්ඩායමට ලබා දුන් ප‍්‍රථම ජයග‍්‍රහණය මෙය විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා