හරිත් මධුවන්ත දඟ පන්දු යවන පුංචි හපනා

හරිත් මධුවන්ත දඟ පන්දු යවන පුංචි හපනා

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ කණිෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වන හරිත් මධුවන්ත සුවිශේෂී හපන්කමක් වාර්තා කොට තිබේ.

කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහලට එරෙහිව ඩී. එස්. සේනානායක විදුහල් පිටියේදී පැවැති වයස අවුරුදු 15 න් පහළ පාසල් කි‍්‍රකට් සීමිත ඕවර 50 තරගයේදී මධුවන්ත ඕවර 9.4 ක් පිට දඟ පන්දු යවමින් නිලකුණු ඕවර 3 ක්ද සමගින් ලකුණු 16 කට කඩුලු 9 ක් බිඳ හෙලමින් මේ දස්කම ප‍්‍රදර්ශනය කොට තිබේ.

මධුවන්තගේ මේ දක්ෂතාවයේ තවත් විශේෂත්වයක් වනුයේ ඔහු එම කඩුලු 9 න් 3 ක් පිට පිට ලබා ගැනීමය (හැට් ටි‍්‍රක්)

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොල්ලුපිටිය සාන්ත තෝමස් පිලට ඕවර 31.4 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 77 ක් පමණි. එම්. ඒ. රාජකරුණා ලකුණු 23 ක් ලබා ගත්තේය.

ඩී. එස්. සේනානායක විදුහල ඕවර 16.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 78 ක් රැස් කර ගනිමින් කඩුලු 8 ක ජයක් වාර්තා කෙළේය.

හේෂාන් සාලින්ද නොදැවී ලකුණු 40 ක්ද දිනුර ෆර්නෑන්ඩු නොදැවී ලකුණු 21 ක්ද ලබා ගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා