මාතලේ ශා.තෝමස් ආදි සිසු කි‍්‍රකට් තරගය හෙට

මාතලේ ශා.තෝමස් ආදි සිසු කි‍්‍රකට් තරගය හෙට

මාතලේ ආදි ශාන්ත තෝමසුවන්ගේ කොළඹ ශාඛාව සහ මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි සිසුවන්ගේ කොළඹ ශාඛාව හා වාර්ෂිකව පැවැත්වෙන සුහද කි‍්‍රකට් තරගය මෙවර බත්තරමුල්ල පැලවත්තේ බුද්ධදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

මෙම සුහද කි‍්‍රකට් තරගය හෙට (12) උදේ 9 ට ආරම්භ කිරීමට නියමිතය.

එදින විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි සිසුවකු වන කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජී. ටී. බණ්ඩාර මහතා සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල නියෝජනය කළ හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන චානක වෙලගෙදර මහතා සහභාගී වීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා