ආසියානු නෙට්බෝල් සූරතාව සාමුහික උත්සහයක ප‍්‍රතිඵලයක්

ආසියානු නෙට්බෝල් සූරතාව සාමුහික උත්සහයක ප‍්‍රතිඵලයක්

- අතුරු කමිටු ලේකම්

ආසියානු නෙට්බෝල් සූරතාව ශී‍්‍ර ලංකාවට දිනාගත හැකිවූයේ සාමුහික උත්සාහයක ප‍්‍රතිඵලයක් නිසා බව නෙට්බෝල් අතුරු කමිටුවේ ලේකම් ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය පැවසුවාය.

එමෙන්ම යුද්ධය නිමාකර රට ජයග‍්‍රාහී මාවතට යොමු කළ අභිමානවත් නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත දිනාගත් ආසියානු සූරතාව ළඟදීම පිළිගැන්වීම නෙට්බෝල් කී‍්‍රඩිකාවන් සූදානමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

වසර අටකට පසුව ආසියානු නෙට්බෝල් සූරතාව ශී‍්‍ර ලංකාව පසුගියදා සිංගප්පූරුව පරාජය කරමින් දිනාගත්තේය. රටවල් 9 කින් එකම අපරාජිත කණ්ඩායම බවට ශී‍්‍ර ලංකාව පත්වීමද විශේෂත්වයක් විය.

නෙට්බෝල් අතුරු කමිටු ලේකම් ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය සඳහන් කළේ ආසියානු සූරතාව දිනා ගැනීම ඉලක්ක කරගෙන අවශ්‍ය සැලසුම් සකස් කළ බවයි.

“ආසියානු සූරතාවලියට එක් වූ කී‍්‍රඩිකාවන්ගේ විනය, කායික හා මානසික ශක්තිය උසස් මට්ටමක තිබුණා. මීලඟ ඉලක්කය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමයි.

ඒ සඳහා විදෙස් තරග සංචාර දෙකකට අවශ්‍ය පහසුකම් කී‍්‍රඩා අමාත්‍යතුමා ලබාදීමට එකඟවීම ගැන ස්තූතිවන්ත වෙනවා” යැයි නානායක්කාර මහත්මිය පැවසුවා.

ආසියානු සූරතාව ජයගැනීමට මලාවි තරග සංචාරය උපකාරී වූ බව නානායක්කාර මහත්මියගේ මතය වී තිබේ. එම සංචාරයේදී කී‍්‍රඩිකාවන් ට ගුවන් ප‍්‍රවේශපත් ලබාදුන් හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, ඇක්සස් ආයතනය හා වෙන්නප්පුව ශී‍්‍ර හෘදය කන්‍යාරාමයට ස්තූතිවන්ත වන බව ද පැවැසුවාය.

ආසියානු සූරතාව දිනා ගැනීමත් සමඟ රටපුරා නෙට්බෝල් කී‍්‍රඩාවට අවධානය වැඩිවී ඇති හෙයින් කී‍්‍රඩා සමාජ මට්ටමෙන් කී‍්‍රඩාව සංවර්ධනයට වැඩ පිළිවෙළක් සකස් කරන බවද නානායක්කාර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා