සිනමාවේ දේශපාලනය රොබින් හුඩ් වෝල් වීදියට

සිනමාවේ දේශපාලනය
රොබින් හුඩ් වෝල් වීදියට

ලොව දැවැන්තම වාර්ෂික සිනමා උළෙල වන කෑන්ස් සිනමා උළෙල (Cannes Film Festival )  මේ දිනවල ප්‍රංශයේදී පැවැත්වෙනවා. අඪමඪඥපච නිකේතනයේ දී පැවැති එම ආරම්භක උළෙලට ලෝක සිනමාවේ දැවැන්තයන්, දිදුලන තරු සහ සිනමා ලෝලීන් මෙන්ම මධ්‍යකරුවන් රැසක් ද සහභාගි වී සිටියා.

ඒ අතරින් “රොබින් හුඩ් “ චිත්‍රපටයෙන් සිනමා ලෝකයේ විශාල අවධානයට ලක්වු ඕස්ට්‍රේලියානු සිනමා තරුව රසල් ක්‍රෝව් (Russell crowe) ට රතුපලස මතදී ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. චිත්‍රපටයේ තම සහාය නිළිය වූ කේට් බ්ලොන්ෂෙ (Cate Blanchett )  සමඟ ඔහු මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගි වුණා. සින් පෙන් (Sean Penn)රෝලින්ග් ස්ටෝන්ස් (Rolling Stones ) වැනි සිනමා තාරකා ද රතු පලස මත බැබළෙමින් සිටියා.

චිත්‍රපටයේ තම චරිත නිරූපණය පිළිබඳ අදහස් දක්වමින් රසල් කීවේ, එහි සෙමෙන් නමුත් ගැඹුරින් ගලායන පරිණත පේ‍්‍රමයක් ගැන පිළිබිඹු වන බවයි. “රොබින් හුඩ් “ චරිතය පදනම් කර ගනිමින් මින් පෙර නිර්මාණය වී ඇති චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටය වෙනස් බව ඔහු කියනවා.

රොබින් හුඩ් කතාන්තරයේ භූ දේශපාලනික පැතිකඩ ගැන ද තමා සැළකිලිමත් වු බව පවසන ඔහු, සෙසු මිනිසුන්ගේ් හැඟීම්, වේදනා කෙරෙහි සංවේදි හදවතකින් යුතුව රොබින් ගේ චරිතයට සාධාරණය ඉටු කිරීමට ගත් ප්‍රයත්නය පැහැදිලි කළා. රොබින් ගේ චරිතය දේශපාලනිකව කියැවීමට රසල් ගත් උත්සාහය ඔහුගේ අදහස් තුළින්ම හඳුනා ගත හැකියි.

“රොබින් “ අද ජීවත්ව සිටියා නම් මාධ්‍ය ඒකාධිකාරය ප්‍රධානම සතුරා ලෙස හඳුනා ගනීවි. ඔහු අමෙරිකාවේ වෝල් විදිය දිහා බලයි. මූල්‍ය අර්බුදය නිසා ඇතිවී ඇති තත්ත්වය ඔහු දකීවි. “

රසල් ක්‍රේව් උපතින් නවසීලන්ත ජාතිකයකු වුවත් මෑත දී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත්තා. රැස්ව සිටි මාධ්‍ය කරුවන්ට විහිළුවක් කරමින් ඔහු කීවේ “ මට හැමදාමත් “ ඕන කළේ රොබින් හුඩ් වෙන්න මිසක් මැරියන් වෙන්න නොවෙයි “ යනුවෙන්. මැරියන්ගේ චරිතය මේ චිත්‍රපටයේ ද එතරම් වෙනස් වී නැතැයි ඔහු කියනවා.

මෙවර කෑන්සේ සිනමා උළෙලේ කැපී පෙනෙන කාරණයක් වන්නේ එය නියෝජනය කරන චිත්‍රපට අතර ඉරාක යුද්ධය, ලෝක ආර්ථික අර්බුදය වැනි දෑ වස්තු විෂය කරගත් නිර්මාණ ද තිබීමයි. ඒ අතරින් රොබින් හුඩ්, ඔලිවර් ස්ටෝන්ගේ  Wall Street: Nloney Never Sleeps  වැනි චිත්‍රපට අතර තරගකාරිත්වය වඩාත් වැඩියි.

ලෝක ප්‍රකට ඉරාන සිනමාවේදී අබ්බාස් කියාරොස්කාමි සහ බ්‍රිතාන්‍ය සිනමාකරු කෙන් ලොච් අතර විශිෂ්ටම සිනමා කරුවා සඳහා වන සම්මානයට ඇත්තේ තරගයක් බවත් මාධ්‍ය වාර්තා කළා. සිනමා උළෙලේ ප්‍රධානම අංශය වන Palme ත්‍යාගය සඳහා මොහු තරග කරන්නේ එක් අමෙරිකානු චිත්‍රපටයක් පමණයි. ඒ ඩොග් ලීමන් අධ්‍යක්‍ෂණය කළ Fair Game සින් පෙන් සහ නයෝමි වොට්ස් එහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

චිත්‍රපටයට පදනම් වන්නේ බුෂ් පාලන සමයේ ආන්දෝලනයට තුඩු දුන් CIA  ඒජන්ත වැලේරි ලේමා සිද්ධියයි. සිනමා උළෙලේ නියෝජනය වන ප්‍රවීණ සිනමා වේදීන් අතර අමෙරිකානු සිනමාකරු වුඩී ඇලන්, ජින් ලුක් ගොඩාඩ් වැනි විශිෂ්ටයන් කැපී පෙනෙනවා.

Palme සම්මානය සඳහා ආසියානු බලාපොරොත්තුවක්ද තිබෙනවා. ඒ දකුණු කොරියාව ඉදිරිපත් කරන ලී චන්ග් ඩොංග් ගේ ‘Poetry ‘සහ ඉම් සන්ග් මූ ගේ  ‘The Housemaid‘  චිත්‍රපටයයි. චීනය සහ තායිලන්තයත් මේ අංශය සඳහා තරග කරනවා.

අත් අඩංගුවේ පසුවන ඉරාන සිනමාකරු ජතාර් තනායි වහාම නිදහස් කරන ලෙස ප්‍රංශය ඉරානයෙන් ඉල්ලා තිබෙනවා. ඔහු කෑන්ස් උළෙලේ ජූරිය නියෝජනය කරන නිසා ඊට එක්වීමට ඉඩ තිබිය යුතු බව ප්‍රංශයේ අදහසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා