ආහාර අර්බුදයට විසැඳුම් බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයෙන්

ආහාර අර්බුදයට විසැඳුම්
බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයෙන්

මිනිසා විසින් ආහාර සපයා ගැනීම පිණිස කෘෂිකර්මාන්තය සොයාගනු ලැබුවේ මීට වසර 14000 කට පමණ පෙරදීය. කෘෂිකාර්මික ශිෂ්ටාචාරයේ ක්‍රමානුකූ®ල වර්ධනයත් සමඟ අද වන විට මෙතෙක් බටහිර වෙත පැවැති ආර්ථික ඒකාධිකාරය ක්‍රමයෙන් නැගෙනහිර වෙතට මාරු වෙමින් පවතියි.

ඉන්දියාව සහ චීනය එහි නියමුවෝ ය. කෘෂි කර්මාන්තය, තාක්ෂණය හා කාර්මික අංශවලින් ඉදිරියට පැමිණ ඇත්තේ එම රටවල් දෙකයි. ලෝකයේ අද වන විට ආහාරවල අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකාර්මාන්තය කෙරෙහි සෑම රාජ්‍ය නායකයෙකු මෙන්ම සෑම රටක්ම විශේෂ අවධානයක් යොමු කරයි.

ඒ අතුරින් පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලෝක දේශපාලනයේ වඩාත් අවධානයට ලක් වූ අමරිකානු ජනාධිපති බ්රැක් ඔබාමා ද ගෙවත්තක් සකස් කළ තමන්ගේ් ආහාර නිෂ්පාදනය මෙන්ම සමස්ත ලෝක ජනතාවටම පණිවිඩයක් දීමට උත්සාහ කර ඇත.

බටහිරෙන් බිහිවන ඔබාමාලා පිළිබඳ සැබෑ උදාහරණ ගෙන ඒමට ශ්‍රී ලාංකීය අපට නුවමනා වන්නේ, පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම් දැරූ රටක පුරවැසිකම අපට හිමි වී ඇති බැවිනි.

රජ දරුවෝ

අක්කර දහස් ගණනින් අස්වද්දවා මෙරට සශ්‍රීක ජාතිකයක් කළ රජදරුවන්ට දෑත් එකතු කොට ආචාර කිරීම අපට අගෞරවයක් නොවේ. යහපත් රටක් ගොඩනැගීමට නම් සරු පොළවක් අපට අවශ්‍යයි. ඒ සරු පොළව අපට හිමිව තිබේ. සාම්ප්‍රදායික කෘෂිකර්මයට නව තාක්ෂණය එකතු වීමත් සමඟ ලෝක කෘෂිකර්මයේ අලුත් අලුත් පිටු පෙරළෙන්නට පටන් ගත්තේ්ය.

ලෝක ආහාර හිඟයට මුහුණ දීම සඳහාත්, ලෝක ආහාර අවශ්‍යතා පියවීම සඳහාත් නවීන තාක්ෂණය යොදා ගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රම බොහෝ කෘෂිකාර්මික රටවල් මේ වනවිට සාර්ථකව භාවිතා කරයි. ඒ අතරවාරයේ ජනතාවට එම නවීන තාක්ෂණික දැනුම ලබා දෙමින් කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරු කරවීමේ උත්සාහයට මේ වන විට බොහෝ රාජ්‍යයන් දායකත්වය සපයයි.

ලංකාවේද ප්‍රථම කෘෂි තාක්ෂණික උද්‍යානය වන ගන්නෝරුව ඉදිකිරීමෙන් පසුව 2008 වර්ෂයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයක් බිහි කරන්නේ, රජය කෘෂිකර්මාන්තය කෙරෙහි ඇති විශේෂ නැඹුරුව හා උනන්දුව කියා පාමිනි. මහින්ද චින්තන ප්‍රතිපත්තිය හා ඉදිරි දැක්ම තුළ දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ් රටේ සංවර්ධනයට අවශ්‍ය කරන මෙතෙක් පැවැති ආයතන හා භෞතික සම්පත් රැක ගැනීමත්, රටේ ආර්ථිකයට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන ක්ෂේත්‍රවලට විකල්පයක් ඇති කිරීමයි. ඒ යටතේ වරාය, ගුවන් තොටුපල, මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන් පාලම්, රෝහල්, විශ්ව විද්‍යාල, බලශක්ති හා විදුලි බලාගාර ඇතුළු දේවල් ය.

තාක්ෂණික උද්‍යාන

ගිරුවාපත්තුවෙන් උපන් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, උපන් භූමියේ පස සාරවත් කරන්නටත්, සරු පසේ උපරිම ඵලය නවීන තාක්ෂණය හරහා ගොවියාට ලබාදීමටත් කටයුතු කළේය. හිටපු වරාය සහ ගුවන්සේවා ඇමැති, වත්මන් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ් මූලිකත්වයෙන් බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ වැඩ කටයුතු 2007 වර්ෂයේදී ආරම්භ කොට 2008 වර්ෂයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් වී හමාරය.

එහෙත්, මේ පිළිබඳව දන්නේ් කීයෙන් කී දෙනාද? අපේ පැරණි වහරේ එන කියමනක් වන ‘දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ’ යන කියමන අප කා අතරත් ප්‍රකටය. දැන් කතරගම වන්දනා කරන්නට යන සැදැවතුන්ට අතරමං වන්නට දෙයක් නොමැත. දැන් ඇත්තේ ඉතිහාසය පුරා කුඩම්මාගේ් සැලකිලි ලැබූ හම්බන්තොටට කිරි ඉතිරෙන කාලයකි. එහි ඵල හම්බන්තොට ජනතාවට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකීකයන්ටම අයිතියක් ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂි තාක්ෂණික උද්‍යාන හරහා දැනට ලෝකයේ ප්‍රචලිත කෘෂි පාරිසරික සංචාරය දියුණු කිරීමට සහ ගොවීන්ගේ් දැනුම වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලබාදීම මෙම කෘෂි තාක්ෂණික උද්‍යානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමේ දී වී වගාව, එළවළු, පලතුරු, ගෙවතු වගා කුඩා ගොවිතැන් පිළිබඳව මෙමඟින් දැනුම ලබා ගත හැකි අතරම ඒ සඳහා අවශ්‍ය සාම්ප්‍රදායික හා නවීන තාක්ෂණික සජීවි අත්දැකීම්ද ලබාගත හැකි වේ.

බීජ බෙදා හැරීම, පැළ බෙදා හැරීම, සහ සේවා අවස්ථා ලබා දීමට අමතරව දේශීය හා විදේශීය සංචාරකයන්ට කෘෂිකර්මය පිළිබඳව උනන්දුව ඇති කිරීම ද මෙහි මූලික අරමුණකි.

බීජ විද්‍යාගාර

සාම්ප්‍රදායික ගොවීන් තුළ ඇති එකමුතුභාවය සංකේතවත් කරන ‘අත්කම් වගා ක්‍රමය’ සිහිගන්වන අයුරින් දර්ශනීය වැවක් අභියස ගඩොලින් නිම වූ විශාල දෑත් දෙක එකට එකතු වී ඇති තොරණකින් මෙහි පැමිණෙන සියලු දෙනා පිළිගනු ලබයි.

ගහක - වැලක හැදෙන ලස්සන මලක් මෙන්ම පලතුරක්ද අපේ නෙත් සිත් පිනවයි. එවන් දර්ශනීය බොහෝ දේ මෙහි ඇතුළත්ය. මෙහි ඇති පලතුරු උද්‍යානයේ වැල් දොඩම්, අලිගැටපේර, අඹ, පේර, සහ තවත් පලතුරු වර්ග දැකබලා ගැනීමට හැකිය.

වී වගා කරන ආකාරය පෙන්වන ස්ථාන මෙන්ම වැසි ජලය එකතු කර කරන ලද වගාවන්, කොස් අර්තාපල් හා තුඹ වගාවන්ද දක්නට ලැබේ. පැල් කවි ගැන අසා තිබුණද හේනක් දැක නොමැති පාසල් දරුවන් හා වැඩිහිටියන් කී දෙනෙක් අප අතර සිටිත්ද? ඒ අය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති හා පවතින හේන් ගොවිතැන සිහි කරමින් වැඩි දියුණු කරන ලද හේනක් ද මෙහි දක්නට ලැබේ.

වගා උපකරණ, බීජ විද්‍යාගාරයක්, බීජ ප්‍රදර්ශනාගාරයක්, තොරතුරු මධ්‍යස්ථානයක් සහ කෞතුකාගාරයක්ද පිහිටා ඇති මෙහි පැමිණෙන ජනතාව වෙනුවෙන් විවෘත රංග ශාලාවක් හා දර්ශනීය විවේක ස්ථාන හා වෙහෙස නිවා ගැනීමට සිසිල් වැව් ජලයෙන් ස්නානය කිරීමේ පහසුකම් ද ඇත.

ඉදිරියේදී, ලංකාවේ ජාතික කෘෂි කෞතුකාගාරය මෙහි ඉදි කිරීමට නියමිත අතර කෘෂි පාරිසරික සංචාරය දියුණු කිරීම සඳහා මෙහි පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් නිවාඩු නිකේතන ද ආරම්භභ කිරීමට පියවර ගෙන තිබේ.

කෘෂි තාක්ෂණය

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ ඉතිහාසය මෙන්ම උතුරේ සිට දකුණ දක්වා ගොවි ජනතාවගේ් කෘෂි තාක්ෂණය හා ඒ හා බැඳුණු සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ අමිල දැනුමක් පත පොතින් හා නූතන තාක්ෂණයෙන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් දැක බලා ගන්නට අවස්ථාව දෙන මෙවැනි ස්ථාන ජාතියේ ප්‍රෞඪත්වය කියා නො පාන්නේද?


මෙය කෘෂි දැනුම බෙදාගන්න තැනෙන විශ්වවිද්‍යාලයක් වෙනවා

ආචාර්ය රොහාන් විජේකෝන් බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නිර්මාණ ශිල්පි සහ කළමනාකරු

ඉදිරියේදී කෘෂි පාරිසරික සංචාරය ලංකාවට පැමිණෙන විට අපිට ලෝකයට දිය හැකි දෙයක් තිබිය යුතුයි. ලංකාව කියන්නේ් අපටම ආවේනික කෘෂි සංස්කෘතියක් තිබෙන රටක්. ඝර්ම කලාපීය කෘෂි කර්මාන්තයක් තිබෙන රටක් සහ කෘෂි බෝග විවිධත්වය අතින් අපට වඩා ඉදිරියෙන් සිටින රටක් නැහැ.

අද වන විට අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි වී \;බනවා. එහෙම එන සංචාරකයන්ට අපේම කියා දෙයක් පෙන්වීමට අවශ්‍ය යි. බොහෝ සංචාරකයන් අපගේ කෘෂි බෝග විවිධත්වයට කැමැත්තක් දක්වනවා.

කෘෂිකර්ම කේෂේත්‍රයේ දැනුම බෙදාදීමට සහ පර්යේෂණ අංශයේ තාක්ෂණය ලබාගෙන කෘෂි කාර්මික කටයුතු කිරීමේ අවස්ථාව මෙමඟින් ගොවීන්ට උදාවෙනවා.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ මෙහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති සියලුම බෝග වර්ග ඇතුළත් වෙනවා. ජුලි මාසයේදී මෙහි අලෙවි සැලක් විවෘත කෙරෙනවා. ගමේ ජනතාවට එමඟින් එළවළු, පලතුරු හා බීජ පැල වර්ග අලෙවි කර ගැනීමේ අවස්ථාව උදාවෙනවා.

මේ මුළු උද්‍යානයම අලංකාර කර තිබෙන්නේ එළවළු හා පලතුරු වලින්. ඒ වගේම ලංකාවේ ජාතික කෘෂි කෞතුකාගාරයද මේ ස්ථානයේ පිහිටුවනවා. 2008 සිට මේ වන තෙක් මෙම උද්‍යානය නැරඹීමට කිසිම මුදලක් අය කළේ නැහැ. නමුත් ඉදිරියේදී අවුරුදු 12 ට අඩු පාසල් සිසුන්ගෙන් රුපියල් 5 ක් ද, අවුරුදු 12ත් 10 ත් අතර සිසුන්ගෙන් රුපියල් 10 ක්ද, වැඩිහිටියන්ගෙන් රුපියල් 20 ක්ද, විදේශීකයන්ගෙන් රුපියල් 300 ක මුදලක් ද අය කිරීමට බලාපොරොත්තු වෙනවා.

දේශීය හා විදේශීය සංචාරකයන්ට මෙන්ම කතරගම වන්දනා කිරීමට දකුණු පළාතට පැමිණෙන ලෙස ආරාධනා කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා