දවස ඇරැඹූ හැටි

දවස ඇරැඹූ හැටි

දිනපතා පුවත්පතක් සහ පාන් රාත්තලක්ද රැගෙන උදෑසන ව්‍යායාම වලින් පසු නිවෙසට එන බ්‍රිතාන්‍යයේ නව අගමැති ඩේවිඩ් කැමරන්ගේ මේ ඡායාරූපය ගෙන තිබුණේ මැයි 8 දා. ඒ වනවිට ඔහු අගමැති වශයෙන් පත්වීම ස්ථීර වී නොතිබුණත් ඊළඟ අගමැති ඔහු බවට පැහැදිළි වෙමින් තිබුණා.

ඊට දිනකට පසු එය නිශ්චිතව තහවුරු වුණා. ඒ කොන්සර්වෙටිව් පක්ෂය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සභාග රජයක් සඳහා වූ සාකච්ඡා සාර්ථක වීමත් සමඟයි.

බ්‍රිතාන්‍යයේ නව අගමැති වශයෙන් උදාවූ පළමු දිනය (මැයි 10 දා) ඇරැඹුණු හැටි ගැන අගමැති කැමරන් ඵහිදී පුවත්පතට කියූ දේවල්වල මෙසේ ද තිබුණා.

ඇඳෙ සිටිද්දීම මට එකවරම මතක් වුණේ අද ඉඳන් මම නේද අගමැති කියලා.

එතකොටම මම ඇඳෙන් පැන්නා වගේ... බ්‍රිතාන්‍යයේ අගමැති හැටියට දැන් මම මොකද කරන්න ඕන. අගමැති බ්‍රවුන් මොනවද කරන්න ඇත්තෙ කියල මම කල්පනා කළා....”

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා