අගලවත්ත බස් නැවතුම්පොළ එකම මඩ වළක්

අගලවත්ත බස් නැවතුම්පොළ එකම මඩ වළක්

අගලවත්ත ප්‍රධාන බස් නැවැතුම්පොළේ තාර ගැලවී යෑමෙන් විශාල වළවල් රාශියක් සෑදී ඇත. මේ නිසා මගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.

මෙම වළවල්වල නිතර ජලය පිරී පවතින අතර බස් රථවල වයර්වලට

අසුවී ගල් කැබැලි විසිවීමෙන් අවට ඇති වෙළඳ සල්වල වීදුරු අල්මාරි රාශියකට අලාභ හානි සිදුවී තිබේ. වළවල්වල වැටීම නිසා බස්රථවල දුණු කැඩීයාම්ද සිදුවේ. මෙම බස් නැවතුම්පාළ අලුත්වැඩියා කර දෙන ලෙස මගීහු ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා