ලෙඩ ගොඩ ගසන බේරුවල කසළ කඳු

ලෙඩ ගොඩ ගසන බේරුවල කසළ කඳු

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දර්ගා නගරය, මිහිරි පැන්න (බෙන්තොට ගංඟා ආශ්‍රීත ගොඩබිම් තීරය) ස්ථානයෙහි කසළ කඳු ගොඩ ගැසීම නිසා එය පරිසරයට මෙන්ම අවට පදිංචි ජනතාවටද ඉමහත් හිසරදයක් වී තිබේ.

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි එකතු කරනු ලබන අපවිත්‍ර කුණු කසළ මේ ස්ථානයෙහි ගොඩ කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.

ඉතා සුන්දර පාරිසරික පසුබිමක් ඇති බෙන්තොට ගංඟාවෙහි ජලය අපවිත්‍ර වීම හා පාරිසරික තත්ත්වයටද බලපා ඇති බව පෙන්වා දිය යුතුය.

අවට ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට ඉමහත් තර්ජනයක් වී ඇති මේ කුණු කසළ මගින් ඇතිවන දුර්ගන්ධය ඉවසිය නොහැකි බව එහි අවට උදවිය පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා