ග්‍රාම නිලධාරි වසම් 21ක මාර්ග කොන්ක්‍රීට් කැරේ

ග්‍රාම නිලධාරි වසම් 21ක මාර්ග කොන්ක්‍රීට් කැරේ

“ගම නැගුම” වැඩ සටහන යටතේ උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 21 ක මාර්ග 21 ක් කොන්ක්‍රීට් දමා ඉදිකිරීමට රජය මගින් රුපියල් මිලියන 21 ක් (රුපියල් ලක්ෂ 210) ලබාදී ඇත.

මේ වසරේදී මෙම මාර්ග 21 ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ දිනවල සකස් කරමින් තිබෙන බව උහන ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහතා පැවසීය.

ප්‍රදේශවාසීහු සභා හරහා මෙම යෝජනා ඉදිරිපත් කළහ. මෙම මාර්ග ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකැරේ. සිවිල් ආරක්ෂක බළකායේ මෙත්තා සමාජද ඒ සඳහා සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටී.

උහන ප්‍රාදේශීය ලේකම් යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර සැලසුම් අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත කුමාර බෙනරගම මහතාගේ මෙහෙයවීමෙන් සංවර්ධන සහකාර එච්. ඒ. ජේ. තිසර කුමාර, රාජ්‍ය කළමනාකරණ සහකාර රේනුකා දිසානායක යන මහත්වරු මෙම කටයුතු සාර්ථකකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා