මහවැලි ගං පතුලේ සල්ලි උල්පත මනම්පිටිය වැලි නිධිය

මහවැලි ගං පතුලේ සල්ලි උල්පත මනම්පිටිය වැලි නිධිය

ගංඟා ඇළදොළවලින් වැලි ගොඩ දැමීම පසුගිය වකවානුවේ බලවත් පාරිසරික ප්‍රශ්නයක් බවට පත්ව තිබූ අතර වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය දැඩි නීති රීති හා තහංචිවලට යටත් කරනු ලැබීය. රටේ වේගවත් සංවර්ධනයත් සමඟ ගොඩනැඟිලි ඇතුළු ඉදිකිරීම් කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවත්නා බැවින් වැලි සඳහා රට පුරා ඇත්තේ විශාල ඉල්ලුමකි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් තාක්ෂණ සේවා (පෞද්ගලික) සමාගමේ මනම්පිටිය
වැලි ව්‍යාපෘතියේ
ව්‍යාපෘති කළමනාකරු කැණීම් හා ඛණිජ සම්පත් ඉංජිනේරු
සරත් විජේසුන්දර

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය හා ගල්ලෑල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහවැලි ගංඟාවෙන් වැලි ගොඩ දැමීමේ ව්‍යාපෘතියට මේ සංදර්භය තුළ හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි.

මනම්පිටිය ප්‍රදේශය ඇතුළු සෝමාවතිය මහවැලි නදිය පිටාර ගැලීම නිසා ගංවතුර තර්ජනයට අනතුරුව මුහුණ පායි. වසරකට කීප වරක් පොළොන්නරුව, මඩකළපුව ප්‍රධාන මාර්ගය ගංවතුරට යට වී ගමනා ගමන කටයුතු අඩාළ වීම සුලභ සිදුවීමකි.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව ජල ගැලුම් කලාපයේ මහවැලි ගංඟාවේ වැලි නිධි ඉවත් කිරීමේ භාරදූර වගකීම පැවරුණේ භූ® විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටය.

කාර්යාංශයට අනු යුක්ත භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයීය කාර්මික සේවා (පෞද්ගලික) සමාගම මේ නියෝගයට අනුකූ®ලව 2008 අප්‍රියෙල් සිංහල අවුරුදු සමයෙන් පසු මනම්පිටිය රාජ්‍ය වැලි ගොඩ දැමීමේ හා අලෙවි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙළේ ය.

එක් පැත්තකින් ගංවතුර තර්ජනයට පිළියම් යෙදෙන අතර, තවත් පැත්තකින් ජාතික වැලි වෙළෙඳ පොළේ ප්‍රබල වැලි සපයන්නෙකු ලෙස කැපී පෙනීමට කාර්යාංශයට හැකි වී තිබේ. ඒ සමඟම සමෘද්ධි ලාභීන් ඇතුළු 5000කට අධික ජනතාව මේ වැලිගොඩදැමීම හා ප්‍රවාහනය තුළින් අගහිඟකමින් තොර සාර්ථක දිවි පෙවතක් ගත කිරීමට වාසනාව උරුම කරගෙන සිටිති.

මනම්පිටිය වැලි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස සරත් ජයසුන්දර මහතා සේවය කරයි. ඔහු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් හා ඛනිජ සම්පත් ඉංජිනේරුවරයෙකි. ගත වූ වසර දෙක පුරා මේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මකව පවතිනවා. ව්‍යාපෘතිය සතුව මහවැලි ගංඟාවේ වැලි ගොඩදැමීමේ තොටුපළවල් 183ක් තිබෙනවා. එක් වැලි තොටුපළක වැලිගොඩ දමන්නන් 05 දෙනකු කාර්යයේ නිරත වෙනවා.

ස්ථිරවම වැලි ගොඩදැමීමේ 915 දෙනකු යෙදී සිටිනවා. වැඩි පිරිසක් සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ අඩු ආදායම් ලාභීන් බවද පැවැසිය යුතුයි. මේ වැලි ව්‍යාපෘතියෙන් වක්‍රව හා සෘජුව 5000කට අධික පිරිසක් ජීවනෝපාය සලසා ගන්නවා. ව්‍යාපෘති කළමනාකාරිත්වය විස්තර කෙළේ ය.

මනම්පිටියේ මහවැලි ගංඟාව මැද සිට බෝට්ටුවලට වැලි පටවාගෙන ගොඩබිට එමින්...

මනම්පිටිය මහවැලි මහ වැලි නිධිය ප්‍රදේශවාසීන්ට හා රටට රන් ආකරයක් වැනිය. ගත වූ වසර දෙක තුළ වැලි ගොඩ දමන්නන් ඉපැයූ ආදායම රුපියල් විසිහත් කෝටිය ඉක්මවයි. මේ වසරේ ගෙවී ගිය හාර මාසය තුළ පමණක් මහවැලි වැලි ඔවුන්හට රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක වාසනාව ගෙන ආවේ ය.

මනම්පිටිය රාජ්‍ය වැලි ගොඩදැමීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අධිකරණ නියෝගයක් මතය. මෙය පිහිටියේ වන ජීවි ආරක්ෂක කලාපයක් තුළය. මේ නිසා දැඩි කොන්දේසි මත වැලි ගොඩ දැමීම කරගෙන යා යුතුව තිබේ.

2008 සිට මේ දක්වා වැලි වෙළෙඳ පොළට මනම්පිටියෙන් ඉතා අනර්ඝ තත්ත්වයේ ගංඟා වැලි කියුබ් තුන් ලක්ෂයකට ආසන්න ප්‍ර‍්‍රමාණයක් සපයා තිබේ.

මේ දිනවල දිනකට වැලි කියුබ් 03 බැගින් පටවාගත් ලොරි 175 - 200 පමණ සංඛ්‍යාවක් මනම්පිටියේ වැලි ව්‍යාපෘතියේ සිට කොළඹ බලා වැලි ප්‍රවාහනය කරයි.

මනම්පිටිය රාජ්‍ය වැලි ගොඩදැමීමේ ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය 27 දෙනෙකි එයට කාර්මික නිලධාරින් තිදෙනෙකුද ඇතුළත්ය. මෙතරම් වැදගත් ජාතික මෙහෙවරක යෙදෙන මොවුන් එදිනෙදා රාජකාරි කරන්නේ වායු සමීකරණය කළ කාර්යාලයක් තුළ නොව අයින් කරන ලද කන්ටේනර් තුනක් තුළය. වනජීවී රෙගුලාසි අනුව මේ භූ®මියේ ගොඩනැඟිලි ඉදිකිරීම තහනම්ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා