බැන් කී මුන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා

බැන් කී මුන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා

සජිත් ප්‍රේමදාස

ශ්‍රීලංකාව පිළිබඳ උපදේශක කමිටුවක් පත්කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, එම පුද්ගලික අත්තනෝමතික ක්‍රියාව තරයේ හෙළි දකින බවත් හම්බන්තොට දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ගේ ක්‍රියාව අත්තනෝමතික තනි තීන්දුවක් බවත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමට එම සංවිධානයේ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බැවින් මහ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් හෑල්ලුවට ලක්කර ඇතැයි ද ප්‍රේමදාස මහතා කීවේය.

යුද්ධය අවසන්වීමෙන් පසු මාධ්‍ය, සිවිල්, ආර්ථික හා සමාජයීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ආණ්ඩුව පියවර නොගැනීම එවැනි ක්‍රියාවකට මඟ පෑදූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ සිවිල් ආර්ථික හා සමාජයීය අයිතිවාසිකම් පිළිබඳව පිටරැටියන්ට ඇඟිලි ගැසීමට ඉඩ නොතැබීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද පැවැසීය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි කිරීම ගැන සඳහන් කළ මන්ත්‍රීවරයා, එම සහනය මගින් ශ්‍රී ලංකාවට කරන බලපෑම හෙළා දකින බවද අවධාරණය කෙලේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා