ජනාධිපති ඇතුළු දූත පිරිස මාලදිවයිනේ දේශපාලන පක්ෂ නායකයන් සමඟ.....



මාලදිවයිනේ උද්ගතව තිබූ දේශපාලන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා එරට ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සාකච්ඡාවලින් අනතුරුව මාලදිවයිනේ දේශපාලන පක්ෂ නායකයන් හා පක්ෂ නියෝජිතයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

 

ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


විමල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි?

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද දහවල් තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියකින් දන්වා ඇත..

( 2010-07-09  ප.ව 1.50)

ත්‍රස්තවාදය පරදා ලද විජයග්‍රහණය
විදෙස් බලපෑම් මත පාවා දෙන්න බෑ

- ජනපති

මවුබිම ත්‍රස්තවාදයෙන් මුදාගනිමින් ජාතිය ලැබූ විජයග්‍රහණය, විදේශීය බලපෑම් එල්ල වූ පමණින් අතහරින්නට සූදානම් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මවුබිමේ නිදහස වෙනුවෙන් කැපවූ විරුවන්ට එල්ල වන සියලු චෝදනාවලට තමා මුහුණ දෙන බවද ජනාධිපතිවරයා පවසයි. අපේ රණවිරුවන් කිසිවිටෙකත් මානව අයිතීන් කඩ කළේ නැහැ.

විස්තර »

ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න

රනිල් අමෙරිකාවෙන් ඉල්ලයි

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී රණවිරුවන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ කරුණු හෙළි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) ප්‍රකාශ කෙළේ ය. මේ පිළිබඳව එක්සත් ජනපද රාජ්‍යය මගින් කළ ප්‍රකාශනයෙහි පැහැදිලිවම සඳහන් වන බව එම ප්‍රකාශනය උපුටා දක්වමින් ඇමැති පීරිස් මහතා පැවසුවේ ය.

විස්තර »

බැන් කී මුන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා

සජිත් ප්‍රේමදාස

ශ්‍රීලංකාව පිළිබඳ උපදේශක කමිටුවක් පත්කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, එම පුද්ගලික අත්තනෝමතික ක්‍රියාව තරයේ හෙළි දකින බවත් හම්බන්තොට දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ගේ ක්‍රියාව අත්තනෝමතික තනි තීන්දුවක් බවත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමට....

විස්තර »

බෑන්කී මූන්ගේ කමිටුව අස්කර ගන්නැයි ඉල්ලා

ජානිපෙ සභාපති විමල් වීරවංශ
මාරාන්තික උපවාසයක් අරඹයි

‘ජීවිතය මරණයෙන් කෙළවර වුවත් උපවාසය අත නොහරිමි’ කියමින් ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී මරාන්තික උපවාසයක් ඊයේ (08) ආරම්භ කෙළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බැලීමට පත් කළ උපදේශක කමිටුව අහෝසි කර ගන්නා ලෙස ඉල්ලමින් ඒ මහතා මේ උපවාසයේ නිරත වෙයි.

විස්තර »

සීයා මරා පිච්චුවැයි මුනුබුරන් දෙදෙනෙක්
වසරකට පසු දැලේ

තම සීයාගේ ගෙල කපා ඝාතනය කර සිරුර පිළිස්සු බවට සැකපිට මුනුබුරන් දෙදෙනකු සිද්ධිය වී වසරකට පසු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. මියගිය තැනැත්තාගේ දුරකථනය සොරා ගැනීම ගැන ඔහු පොලිසියට යන බව පැවසීම නිසා එදින රාත්‍රී මෙම ඝාතනය සිදුකර ඇතැයි රත්නපුර පොලිසිය වසරක් තිස්සේ කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
රනිල් තමයි යූඑන්පියෙ ගරු ජෙන්ටා
රංජන් කිව්වෙ අවංක කමටම වෙන්ටා
බඩකටපුරා හම්බන්තොට ලුණු කන්ටා
දෙන ට්‍රයි එක පතනෙමි ඔබෙ ඉටු වෙන්ටා