එ.ජා.ප සම්මේලනය කල්යන ලකුණු

එ.ජා.ප සම්මේලනය කල්යන ලකුණු

අගෝස්තු මස 07 දා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය දින නියමයක් නොමැතිව කල්යන තතත්වයක් උද්ගත වී ඇති බව එජාප ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය පැවැත්වීමට මසකට පෙර සම්මේලනය පැවැත්වෙන දිනය පිළිබඳ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී එකඟතාවකට පැමිණිය යුතු බවත්, එහෙත් ඊයේ (08) දා වන තෙක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය ලබා ගෙන නොමැති බවත්, එම ආරංචි මාර්ග පවසයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනය පිළිබඳ පක්ෂය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවද එම ආරංචි මාර්ග කියයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව මගින් ඉදිරිපත් කළ ප්‍රතිසංවින යෝජනා ඉදිරි දිනකදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකට ඉදිරිපත් කිරීමට යෝජිත බව එම ආරංචි පවසයි.

මහා සම්මේලනයට ඉදිරිපත් කෙරෙන යෝජනා හා සංශෝධන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී සම්මත කර ගත යුතු බව පවසන එම් ආරංචි මාර්ග කියා සිටින්නේ ඒ අනුව එජාප මහා සම්මේලනය පැවැත්වෙන දිනය දින කීපයක් නොමැතිව කල් යා හැකි බවයි’.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා