කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මඩින්න ඉන්දියා හමුදා යැවේ

කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මඩින්න ඉන්දියා හමුදා යැවේ

ඉන්දියන් කාශ්මීරයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා මැඩපැවැත්වීම සඳහා ඉන්දියන් හමුදා භටයන්ගේ සහායද ප්‍රාන්ත පොලීසියට සහ අතුරු හමුදාවලට රජය ලබාදී තිබේ. මෑතදී ශ්‍රී නගර්හිදී ඇතිවූ උද්ඝෝෂණ 2008 වසරින් අනතුරුව ඇතිවූ ප්‍රබලතම විරෝධතා ව්‍යාපාරය ලෙස සැලකේ.

විරෝධතාව මැඩපැවැත්වීමට ඉන්දීය හමුදාව එවීම බෙදුම්වාදී නායක මිර්වායිස් උමා ෆාරුක්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ. මේ අතර ඉන්දීය කාශ්මීරයේ සාමය සහ නීතිය යළි ස්ථාපනය කිරීමේ අරමුණ ඇතිව ස්වදේශ කටයුතු ඇමැති පිල්ලයි ද එහි ගොස් තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා