වගකිවයුත්තෙක් නැති පාණදුර මධ්‍යම බස් නැවතුම්පළ සංවර්ධනය කරන්නේ කවදාද?

වගකිවයුත්තෙක් නැති පාණදුර මධ්‍යම බස් නැවතුම්පළ සංවර්ධනය කරන්නේ කවදාද?

පාණදුර මධ්‍යම බස් නැවතුම්පළ වැසි දිනවලට මඩ වගුරක් වී ඇත. බස් නැවතුම්පළට නුදුරුව තිබෙන නිවාස සංකීර්ණයේ වැසිකිළිවල අපවිත්‍ර ජලය කාණුවක් දිගේ ගලා එන්නේ බස් නැවතුම් පළටය. මේ බස් නැවතුම් පළ ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් හෝ බස්නාහිර පළාත් සභාවෙන් නඩත්තු කරන්නේ නැත. බස්නාහිර පළාත් සභාව වෙළෙඳ කුටි වලින් අයබදු ලබාගන්නවා පමණි.

බස් නැවතුම්පළ භූමියේ වළවල් හෑරී කළුගල් කැබලි මතුවී ඇත.වසර ගණනාවකින් බස් නැවතුම්පළ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය හෝ නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන නැත. ගොඩනැගිල්ලේ ඇති වෙළෙඳ සල් බස්නාහිර පළාත් සභාව බද්දට දී බදු මුදල් වාර්ෂිකව ලබාගනී.

ඉකුත් මාසයේදී ගමනා ගමන ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැති වරයාද බස් නැවතුම්පළ පරීක්ෂා කිරීමට ලක් කළද පලක් වී නැත. බස් නැවතුම් පළේ වැසිකිළියද අවුරුදු ගණනාවකින් අලුත්වැඩියා කර නැත. වැසිකිළිය භාවිත කරන ජනතාවගෙන් මුදල් අය කරන්නේද පිටස්තර පුද්ගලයෙකි. දිනකට පෞද්ගලික හා ලංගම බස් රථ බොහෝ ගණනක් මේ බස් නැවතුම් පළෙන් ධාවනය වේ.
 

නිවාස සංකීර්ණයේ වැසිකිළිවල අපවිත්‍ර ජලය බස් නැවතුම්පළට ගලාගෙන ඇවිත් තිබෙන අයුරු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා