නව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද

නව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට 13 වැනි ක්‍රීඩා ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ මහතා 1993 මධ්‍යම පළාත් සභාවට විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස එවකට පොදුජන එක්සත් පෙරමුණෙන් තේරිපත් වූ අතර 1999 වර්ෂයේ දී එම පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස හා ළමාරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

2000 වර්ෂයේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා එම රජයේ මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා විය.

ඉන්පසු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති හා සමෘද්ධි නියෝජ්‍ය ඇමැතිවරයා වූ හෙතෙම පසුව කැබිනට් නොවන විදුලිබල ඇමැතිවරයාද විය. පාසල් සමයේදී දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඒ මහතා ගම්පල ගඟසිරිපුර හා කොළඹ රාජකීය යන විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි. හෙතෙම පාර්ලිමේන්තුවේ දක්ෂ කථිකයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා