දේශීය ක්‍රිකට් ක්‍රීඩාවටත් දූෂණ වංචා විරෝධි නීති

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවටත් දූෂණ වංචා විරෝධි නීති

අයි.සී.සී යෙන් ඉල්ලීමක්

ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිරී යන දූෂණයට එරෙහිව කෙරෙන කටයුතු සඳහා අනුබලයක් වශයෙන් අයි.සී.සී. යේ සෑම සාමාජික රටක්ම තම රටවල්වල දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට දූෂණ වංචා විරෝධී ක්‍රමවේද හඳුන්වා දිය යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේය.

එංගලන්ත සංචාරය අතරතුරදී පකිස්තානු ක්‍රීඩකයන් තිදෙනකු මුදලට තරග පාවාදීමේ චෝදනාවට හසුවීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදුවෙමින් පවතින දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ කටයුතු දියත් කිරීමටත් ඒ පිළිබඳව අවධානය යොමුකිරීමටත් අයි.සී.සී. යට සිදුව තිබිණි.

පසුගියදා සිය සාමාජික රටවල බලධාරීහු සමඟ දුරකතන ඔස්සේ සාකච්ඡාවක යෙදුනු අයි.සී.සී. ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සෑම සාමාජික රටක්ම ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිරී තිබෙන දූෂණවලට එරෙහිව කටයුතු කිරීමට එකඟ වූ බවය.

එමෙන්ම අයි.සී.සී. යේ දූෂණ වංචා විරෝධී ආරක්ෂක ඒකකය සමඟ සමීපව කටයුතු කරමින් දූෂණ වංචා පිළිබඳව ලැබෙන තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමකට අස්සන් කරන ලෙස අයි.සී.සී. ය සෑම සාමාජික රටකම නිලධාරීන්ගෙන් හා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා