සය සාමාජික ක්‍රිකට් දෙසැ. 5දා

සය සාමාජික ක්‍රිකට් දෙසැ. 5දා

ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ජනාධිපති රන් කුසලාන” සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් දෙසැම්බර් 05 වන දින පෙ. ව. 8ට අගලවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට අගලවත්ත ප්‍රාදේශීය ලේකම් එච්. පී. සුමනසේකර මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා නිලධාරී ආර්. ඒ. ඒ. දිනේෂ් මහතා කටයුතු යොදා ඇත.

ඉදිරිපත් වන කණ්ඩායම් නොවැම්බර් මස 30 වැනි දිනට පෙර ක්‍රීඩා නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අගලවත්ත, යන ලිපිනයට අයදුම්පත් එවිය යුතු බව සංවිධායකයන් පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා