ටෙහෙරානයේ බෝම්බ පිපිරීමෙන් විද්‍යාඥයෙක් මරුට

ටෙහෙරානයේ බෝම්බ පිපිරීමෙන් විද්‍යාඥයෙක් මරුට

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සඳුදා සිදු වූ බෝම්බ පුපුරුවා හැරීම් දෙකකින් ප්‍රධාන පෙළේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් මිය ගොස් තවත් විද්‍යාඥයෙක් තුවාල ලබා සිටී. මිය ගිය විද්‍යාඥ මජීඩ් ෂාරියාරි සහ තුවාල ලැබ සිටින විද්‍යාඥ ෆෙරිඩුන් අබාසි දෙදෙනා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හා සම්බන්ධ වී කටයුතු කළ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් දෙදෙනෙකි.

මේ ප්‍රහාර එල්ල වී ඇත්තේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සෞදි අරාබියාව බල කරන බව ඉකුත් ඉරිදා හෙළි දරව් කිරීමත් සමගය. මේ විද්‍යාඥයන් ගමන් කළ මෝටර් රථ වල ජනේල වල බෝම්බ අටවා තිබූ බව එරට පොලිස්පති අනාවරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා