ප්‍රබලම ත්‍රස්තවාදියකු වන පූජක අන්වා අල් අවුලාකි අමෙරිකාවට තර්ජනයක්

ප්‍රබලම ත්‍රස්තවාදියකු වන පූජක අන්වා අල් අවුලාකි අමෙරිකාවට තර්ජනයක්

එරට ත්‍රස්ත මර්දන ඒකකය අනතුරු අඟවයි

ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස නම්කර ඇති අමෙකා - යේමන පූජක, අන්වා අල් අව්ලාකි අමෙරිකාවට අනතුරක් කළ හැකි ප්‍රබලතම ත්‍රස්තවාදියා විය හැකි බව අමෙරිකාවේ ත්‍රස්ත මර්දන කටයුතුවල නියැලි ඉහළ පෙළේ පරිපාලන නිලධාරියෙක් පෙරේදා (බදාදා) ප්‍රකාශ කර තිබේ. අමෙරිකාවේ මෙන්ම එරටින් පිටද මේ පූජකවරයාට මහජනතාවට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති නිසා දැඩි අනතුරක් ඇති බව අධ්‍යක්ෂ මයිකල් ලෙයිටර් අමෙරිකන් කොංග්‍රසයට පවසා තිබේ.

මොහු සහ ඔහුගේ සංවිධානය සතු නිර්මාණශීලී හැකියාවන් තම කටයුතුවලට අභියෝගයක් එල්ල කළ හැකි බවට අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබේ. අමෙරිකන් පුරවැසියෙක් වන අව්ලාකි වැඩි වශයෙන් ජීවත්වන්නේ යේමනයේයි. මොහු අරාබි අර්ධද්වීපයේ අල්-කයිඩා නායකයා වශයෙන් සැලකේ. අමෙරිකාවට එරෙහිව එල්ල කළ ප්‍රහාර කිහිපයක්ම පිටුපස මොහු සිටින බවට සැකකෙරේ. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව අන්තවාදී ප්‍රහාරයන්ට ගොදුරුවීමේ විශාල ප්‍රවණතාවක් දැන් අමෙරිකාව තුළ ගොඩ නැගී ඇති බව හෝම්ලන්ඩ් ආරක්ෂක ලේකම් ජැනට් නැපෝලිටානෝද මෙහිදී තහවුරු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා