ක්වේට් අගමැතිට එරෙහිව තරුණ පිරිස් වීදි බසිති

ක්වේට් අගමැතිට එරෙහිව තරුණ පිරිස් වීදි බසිති

ක්වේටිහි තරුණ පිරිස් එරට අගමැතිවරයා ධූරයෙන් පහකරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ලෙස තහවුරු කරන ලෙසත් ඉල්ලා ඊයේ (8 දා) විරෝධතා පැවැත්වීමට නියමිතව තිබිණි. ඛනිජ තෙල් නිපදවන රටවල් අතුරින් ලොව හතරවැනි ස්ථානයේ පසුවන්නේ ක්වේට් රාජ්‍යයයි. එරට ඉතා මුඛරි පාර්ලිමේන්තුවක් ඇතත්, දේශපාලන පක්ෂවලට ක්‍රියාත්මක වීමට අවසර නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අසංවිධානාත්මක පාර්ශවයන්ට අයත් පුද්ගලයන්ය.

නිසි බලධාරීන්ගේ අනුමැතියෙන් තොරව විරෝධතා පැවැත්වීමට ක්වේට් රජයෙන් අවසර නැත. ඊයේ පැවැත්වීමට යෝජිත විරෝධතාවන් වෙනුවෙන් යෞවන සංවිධාන අවසර ලබාගෙන නැති බව වාර්තා වේ. මේ අනුව, කාෆි සහ අල් - සුර් අල් කාමිස් නමැති යොවුන් සංවිධාන දෙක රජයට මෙමඟින් තර්ජනයක් එල්ලකර ඇත. මේ විරෝධතාකරුවෝ ඊජිප්තුවේ සහ මැදපෙරදිග අරගල වලින් පන්නරයක් ලබා රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයකට අවතීර්ණව සිටිති. වසර 250ක කාලයක් තුළ ක්වේටය පාලනය කළ අල් - සභා පෙළැන්තිය ඉවත්විය යුතු බව විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් අතර තවත් ප්‍රධාන ඉල්ලීමකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා