රනිල්-සජිත් හබය නිසා එජාප අපේක්ෂකයෝ 23ක් සන්ධානයට

රනිල්-සජිත් හබය නිසා එජාප අපේක්ෂකයෝ 23ක් සන්ධානයට

වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙක් ඊයේ එක්වෙති

එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ. මෙයට පෙර රටපුරා ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් 21 දෙනකු සන්ධානයට එක් වූ අතර වැලිගම අපේක්ෂකයන් දෙදෙනා සමඟ සන්ධානයට එක් වූ සංඛ්‍යාව 23 කි.අරලියගහ මන්දිරයේ දී ඊයේ (8) ජනාධිපතිවරයා හමු වූ මේ පිරිස රට ගොඩනැංවීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට සහාය පළ කරන බව ද පැවැසූහ.

එක්සත් ජාතික පක්ෂයෙන් අංක 19 යටතේ වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන ආර්. ඩී. ජයන්ත කුමාර, සහ අංක 20 යටතේ තරග වදින ආර්. පී. මනෝජ් තරංග යන මහත්වරු ඊයේ (08) අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමු වී රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට උපරිම සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්හ.රනිල් - සජිත් හබය නිසා අද එක්සත් ජාතික පක්ෂය ඇද වැටෙමින් පවතින බව පෙන්වා දුන් මොව්හු එ. ජා. ප තුළ තම දේශපාලන ජීවිතයට කිසිදු අනාගතයක් නොමැති බව ද කියා සිටියහ.

එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් රටට හා ජනතාවට සේවය කිරීමට කිසි දිනක නොහැකි වෙන බව ද ඔව්හු පෙන්වා දුන්හ. මේ තත්ත්වය යටතේ උපන් මාතෘ භූමිය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ජනාධිපතිතුමාගේ රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ සමඟ එක්වීමට තීරණය කළ බව මේ අපේක්ෂකයෝ ප්‍රකාශ කර සිටියහ. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන ඇමැතිවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

වැලිගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින ආර්. බී. ජයන්ත කුමාර සහ ආර්. බී. මනෝජ් තරංග යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (8) අරලියගහමන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය - චන්දන පෙරේරා

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා