පළමු වටයේදීම ප්‍රංශ ජනපති ඉවතට විසිවන ලකුණු

ජනපතිවරණයක් පැවැත්වුණොත්

පළමු වටයේදීම ප්‍රංශ ජනපති ඉවතට විසිවන ලකුණු

ජනමත විමසුමකින් හෙළි වෙයි

ප්‍රංශ ජනාධිපතිවරණය දැන් පැවැත්වුවහොත් වත්මන් ජනාධිපති නිකොලස් සාකෝසි පළමු වටයේදීම එළියට විසිවනු ඇතැයි මත විමසුමකින් අනාවරණය වී තිබේ. ලා පැරිසියන් පුවත්පත වෙනුවෙන් පවත්වන ලද මේ සීමිත මත විමසුමේ දී ඔහු අති දක්ෂිණාංශික මැරීන්ලා පෙන් (24%) හා සමාජවාදී අපේක්ෂක ඩොමිනික් ස්ට්‍රෝස් ඛාන්ට (23%) වඩා පසු පසින් සිටිමින් 21%ක අනුමැතියක් ලබා ඇති බව ප්‍රකාශ වී තිබේ.

මේ මතවිමසුම අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද්දකි. මෙය දුරකතන මාධ්‍යයට වඩා නිවැරැදි බවින් අඩු බව සැලකී තිබෙන්නකි. කෙසේවෙතත් සාකෝසි තවමත් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව මෙතෙක් ප්‍රකාශ කර නැති අතර දැන් ඔහුගේ ජනප්‍රියත්වය බෙහෙවින් පිරිහී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා