කොල්ලකල්ලියක 2ක් ගිනි අවි – උණ්ඩ සමඟ අතුරුගිරියේදී අත්අඩංගුවට

කොල්ලකල්ලියක 2ක් ගිනි අවි – උණ්ඩ සමඟ අතුරුගිරියේදී අත්අඩංගුවට

මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මංකොල්ලකෑම්වලට සම්බන්ධව යොදා ගත් කාර් රථයක්, ත්‍රීවීලර් රථයක්, රිවෝල්වරයක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ පිස්තෝලයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හයක්, එස්. ජී. නො. 4 වර්ගයේ උණ්ඩයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

කාර් රථයකින් පැමිණ අතුරුගිරියේ ඇලුමිනියම් වෙළෙඳසලකින් රුපියල් 60,000 ක් ද, හබරකඩ පෞද්ගලික සාත්තු නිවාසයක සේවිකාවකගේ රුපියල් පන්ලක්‍ෂයකට අධික රන් ආභරණ සහ මුදල් ද මංකොල්ලකා තිබුණි. මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මේ අය මෙවැනි අපරාධ සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරයේ වසර හයක් ගතකර ඇප මත නිදහස්ව සිටියදී මෙකී මංකොල්ලකෑම් සිදුකර ඇත.

 ගිනි අවි සහ වෙඩි උණ්ඩ

මෙම මංකොල්ලකරුවන් භාවිත කළ වාහනය කඩවත ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇති එක් සැකකරුවෙක් අකුරුමුල්ල දෙල්ගොඩ පදිංචි අයෙක් වන අතර ප්‍රධාන සැකකරු බටවල, පාදුක්ක ප්‍රදේශයේය. ඔහු නාවික හමුදාවේ සිටි අයෙකි.

වුන් මංකොල්ලකෑ රත්තරන් චේන් හතරක් සහ පෙන්ඩන්ට් එකක් ද සොයාගැනීමට හැකි වී තිබේ.

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර, පොලිස් පරීක්‍ෂක ආර්. ඩබ්. විතාන, සැරයන් පියල් (56750), ඉන්ද්‍රජිත් (56993), ගමගේ (40943), රංගන (40951), නිරෝෂන් (89357), දිලීප (84179) යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා