ඵලදායිතා සම්මානය දිනූ අම්පාර පන්නල්ගම විදුහල මැදවච්චියේ විදුහල්පතිවරුන්ගේ නිරීක්ෂණයට

ඵලදායිතා සම්මානය දිනූ අම්පාර පන්නල්ගම විදුහල මැදවච්චියේ විදුහල්පතිවරුන්ගේ නිරීක්ෂණයට

මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්ට අම්පාර ප්‍රදේශයේ ඵලදායිතා සම්මාන දිනාගත් ආදර්ශවත් පාසලක් වන අම් / පන්නල්ගම පාසල නැරඹීමට අවස්ථාවක් පසුගියදා උදා විය.

ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහය ඇතිව මේ කටයුතු සංවිධාන කරනු ලැබුයේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. එම්. හේමපාල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙනි.

මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරු හා නියෝජ්‍ය විදුහල්පතිවරු මේ චාරිකාවට සහභාගී වූහ. නැගෙනහිර පළාතේ ඵලදායිතා සම්මාන තරගයේ ප්‍රථම ස්ථානය සහ ලංකාවෙන්ම දෙවන ස්ථානයත් ලබාගත් අම් / පන්නල්ගම විදුහලෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට මැදවච්චියෙන් ගිය විදුහල්පතිවරුනට අවස්ථාව ලැබිණි. පන්තිකාමර ක්‍රමවත්ව පවත්වාගෙන යාම, එස්. – 5 සංකල්පය ක්‍රියාත්මක කර ඇති අයුරු සහ ගුරුවරුන්ගෙන් උපරිම සහයෝගය ලබාගෙන අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ඇති අයුරු සහ මවුපිය සහයෝගය ලබාන්නා අයුරුද දැක බලා ගැනීමට අවස්ථාව සැලසිණි.

මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ සිට චාරිකාවට එක්වූ විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ලබාගත් අත්දැකීම් තම පාසල් දියුණුවට යොදා ගන්නා බව ඔවුහු කීහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා