රත්නපුර පොල් ඵලදාව සරුසාරයි : මිල ගණන් ළඟදීම පහළට

රත්නපුර පොල් ඵලදාව සරුසාරයි : මිල ගණන් ළඟදීම පහළට

පොල් මිල තව කෙටි කාලයක් ඇතුළත පහත වැටෙනු ඇතැයි රත්නපුර දිස්ත්‍රික්කයේ පොල් වතු හිමියෝ පෙන්වා දෙති.

පසුගිය කාලයේ පැවැති පොල් හිගය අඩුවී දැන් පොල් වගාවෙන් ලැබෙන අස්වැන්න වැඩි වෙමින් පවතියි. රත්නපුර දිස්ත්‍රික්කයේ පොල් වගා කෙරෙන ප්‍රදේශ වන ගොඩකවෙල, බලවින්න, කොස්නාතොට, පල්ලෙබැද්ද, ගලහිටිය, ඇල්පිටිය, රිදීවිට, යන ප්‍රදේශවල පොල් කැඩීම දැන් සිදුවේ.

මේ ප්‍රදේශවල පොල් ගෙඩියක උපරිම මිල රු. 30 ත් 35 ත් අතර පවතියි.

දැනට ඇතැම් ප්‍රදේශවල තාමත් රු. 65 ට 70 ට අලෙවි කෙරෙන පොල් ගෙඩියක මිල තව දින කීපයක් ඇතුළත අඩු වනු ඇත.

අතරමැදි වෙළෙඳුන්ගේ කූ®ට වැඩපිළිවෙළ හමුවේ පොල් මිල මෙතරම් වැඩි වී ඇති බවත් තවදුරටත් පොල් හිගයක් මවා පාමින් අධික ලාබ ලැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවටත් පොල්වගාකරුවෝ කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා