විදසුන් උපදෙස්

විදසුන් උපදෙස්

මෙහි මුල් කොටස 3 වෙනිදා පත්‍රයේ පළ විය

සිඤ්ව භික්‍ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති’

මහණ මේ නැව ඉහින්න’ කියල ධම්මපද ගාථාවක ප්‍රකාශ වෙනව. මේක හිස් කරහම සැහැල්ලු වෙනව කියලා. අන්න ඒ වගේ මෙතනත් ළිඳ ඉහින එකයි, දැන් එතකොට යෝගාවචරයට කරන්න සිද්ධවෙලා තියෙන්නෙ. ඒ ඉහීම වගේ තමයි ඔන්න අර ඇදගැනීමයි අතහැර දැමීමයි.

දැන් එතකොට මේ ළිඳ ඉහීම පිළිබඳ උපමාව අතහැරලා අපි මේකට තව ටිකක් ඈතට යන්න පුළුවන් භාවනා කර්‍මස්ථානයටම අදාළ නිදර්ශනයක් ගනිමු. ආනාපාන සතිය. ‘ආනා’ – ‘අපාන’ – හුස්ම ගැනීම - හෙළීම. ඒක කවදත් කෙරෙන දෙයක්. හුස්ම ගැනීම - හෙළීම. මේ දෙක අතර තිබෙනව නොපෙනෙන දෙයක්.

නමුත් ඒක තමයි සංසාරය දිගට ගෙනියන්න. හුස්ම ගන්නෙ මොකටද? හුස්ම ගන්නෙ, මේ පැවැත්ම ගෙනයන්න. තෘෂ්ණාව, අවිද්‍යාව දිගට ගෙනයන්න. සංසාරයෙ දිගට යන්න. මේ ශරීර කූඩුව රැක ගන්න. ‘උපාදානය’ – හුස්මක් අල්ලගන්නව. කොටින්ම කියනව නම් ‘හුස්ම අල්ලගනනව.’ එතන යටින් තණ්හාව තිබෙනව. අවිද්‍යාව තිබෙනව. ‘මමෙක්’ ඉන්නව. ‘ප්‍රාණය.’ ප්‍රාණීන්ට අවශ්‍ය මූලිකම දේ තමයි හුස්ම.

මෙක මේ හුස්ම ගැනීම පමණක් නොවෙයි – ඇද ගැනීම පමණක් නෙවෙයි, මේක අල්ලගන්නව. උත්සාහ කරන්නෙ පුළුවන් නම් හුස්ම අල්ලගෙන ඒකෙන්ම අනිත් වැඩ කටයුතු කරන්න. දැන් ඔය බරක් ඔසවන පුද්ගලය, බරක් ඔසවන්න සූදානම් වෙන කොට දිග හුස්මක් ගන්නෙ මොකටද? අර ශරීරෙට ශක්තිය ලබා දෙනව, අර හුස්ම අල්ල ගැනීම. හුස්ම අල්,ගෙනයි ඊළඟට ඒ තමන්ට අයිති වැඩේ කරන්නේ. ඒ හුස්ම අල්ලගැනීම තුළයි මමත්වය – ‘මගේ ශක්තිය’, මට කරන්න පුළුවන්’ – ඔක්කොම තියෙන්නෙ.

ඒ විදියට එතකොට හුස්ම ගන්නව, හුස්ම අල්ලගන්නව, අතහරින්න සිද්ද වෙනව. අතහරින්න සිද්දවෙනව ධර්‍මතාවෙන්ම. ඒකයි ප්‍රශ්වාසය කියන්නෙ. ආශ්වාසයෙන් කෙරෙන්නේ, දකින එක්තරා ප්‍රයෝජනයකින්, බොහොම ඕනකමකින් හුස්ම ටිකක් ගැනීම, ජීවිතේ ආරක්‍ෂා කර ගන්න. පුළුවන් නම් ඒක දිගටම රඳවගන්න, ඒක ඒ තරමට හොඳයි. නමුත් බැහැ. බැරි නිසා ටික වේලාවකින් ඒකට යන්න ඉඩ අරිනව, ඒක අතහරින්න සිද්දවෙනව. ඒක ධර්‍මතාවයි. මෙතනත් තියෙන්නෙ එතකොට ‘ආදාන පටිනිස්සග්ග‘ වගේ, බැලුවහම.

මෙන්න මේ කියන දශ¡නය අනාපාන සතිය තුළින් මතුවන අවස්ථාවකුත් තිබෙනව. ආනාපාන සති භාවනාව පිළිබඳව බුදුපියාණන් වහන්සේ දැක්වූ පියවර අදහස අතරින්, අගටම එන ධම්මානුපස්සනාවට අදාළ පියවර හතර විග්‍රහ කරල බැලුවොත් මේ දශ¡නය අපට මතුකරගන්න පුළුවන්.

අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
අනිච්චානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
චිරාගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති

නිරොධානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
නිරෝධානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී අස්සිස්සාමීති සික්‍ඛති
පටිනිස්සග්ගානුපස්සී පස්සිස්සාමීති සික්‍ඛති

කියල ඔය විදියට ඒ හික්මීමෙදි කෙරෙන්නෙ මොකක්ද? මේ අනිත්‍යතාව දකිනව. මෙන්න මෙතනත් තියෙනව ක්‍රමානුකූලÀවයක්. අනිත්‍යතාව දකිමින්ම ආශ්වාස කරනව, අනිත්‍යාව දකිමින්ම ප්‍රශ්වාස කරනව, ආශ්වාසයන්ගෙත් අනිත්‍යතාව දැකගන්නව. යෝගාවචරය දන්නව දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසය තුළ තියෙන අනිත්‍ය ස්වභාවය. අනිත්‍යතාව දැකීමේ නිදශ¡නයක් හැටියටයි මේ ආශ්වාස කරන්නෙ, මේක ශික්‍ෂණයක්. නිකම්ම හුස්මක් – ජීවත්වීමට, සංසාරයෙ දිගට යෑමට, ගන්න හුස්මක් - නෙවෙයි යෝගාවචරය ගන්නෙ.

යම්කිසි පාඩමක් ඉගෙන ගන්න විදශ¡නාව දියුණු කරගන්නයි. දැන් ඒ සඳහා උපකාර කරගන්නව කර්‍මස්ථානයක් හැටියට ඒ ධර්‍මතාව වටහා ගැනීමට. එතකොට ආශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව, ප්‍රශ්වාසයෙදිත් අනිත්‍යතාව දකිනව. ඒ අනිත්‍යතා දශ¡නය – ඒ අනුපස්සනාව - දියුණු කරගැනීමයි මේ ශික්‍ෂණයෙන් බලාපොරොත්තු වෙන්නෙ.

එතකොට, මේ අනිත්‍යතාව කියන්නෙ මොකක්ද, මේක වචන දෙකකින් කිව්වොත් මේ අනිත්‍යතාවෙ පෙති දෙක ‘උදය-වය’. මේක ඇතුළෙ තියෙන්නෙ ඇතිවීම සහ නැතිවීම කියන එකයි. ඒ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ අවබෝධය ගැඹූරුවන තරමට අනිත්‍යතාව ප්‍රකට වෙනව. ඒකයි, අර විදියට අර සම්බොජඣඞගාදිය දියුණු කළ, අනිකුත් සතිපට්ඨානයට අදාළ දේ දියුණු කළ, යෝගාවචරය තුළ, ආනාපාන සතියම පවා ඔය තරම් දුරට දියුණු කළ තැනැත්තා තුළ, ධම්මානුපස්සනා අවස්ථාවේදි ඔය කියාපු අනිත්‍යතා දශ¡නය යම්කිසි ප්‍රමාණයකින් තිබෙනව.

ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවයි කියන එක. එතකොට මේ ඇතිවීම සහ නැතිවීම දකින යෝගාවචරයාට ඒ අනුපස්සනාව ගැඹූරට යන්න යන්න, ඉපදීම වැටහෙන්න වැටහෙන්න, ශීඝ්‍රව වැටහෙන්න වැටහෙන්න, සියලු සංස්කාරවල සමුදය පක්‍ෂයට- උදය පක්‍ෂයට – වඩා වය පක්‍ෂය වැඩියෙන් දැනෙන්න පටන් ගන්නව.

ශීඝ්‍රයෙන් කරකැවෙන යම්කිසි රෝදයක සලකුණක් දිහා බලන්න උත්සාහ කරන කොට, ඒ රෝදය වේගයෙන් කරකැවෙන කොට, අර ඒ සලකුණු කළ තැන පහතට වැටෙන එකයි වැඩිය පැහැදිලිව පෙනෙන්නෙ.

 අන්න ඒ වගේ, ආශ්වාසයට වඩා මේ ප්‍රශ්වාසය තුළින්ම බිඳිල යන ආකාරය - මේක බිඳ වැටෙන ආකාරය, වැඩියෙන් ප්‍රකට වෙනව - වය පක්‍ෂය. ඒ විදියට මේ කියන ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ වය පක්‍ෂය නැත්නම් වැටෙන පක්‍ෂය වැඩිය ප්‍රකට වෙන කොට, ඒ තුළින් කෙනෙකු තුළ ඇතිවෙනව විරාගයක් - නොඇල්මක්. ඇල්මක්, තණ්හාවක් ඇතිවයි මේ ආශ්වාසයක් ගන්නෙ. සමුදය පක්‍ෂයටයි නැඹුරුවුනෙ. නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම - මෙන්න මේ සංස්කාර. මේ සංස්කාරයන්ගෙන් අළුත් කරනව.

මේව අළුත්කිරීමට උපකාර වන දේ තමයි තණ්හාව - ‘තණ්හා පොනොභවිකා.’ අළුත් කිරීම් කරන්නෙ මේක පිළිබඳ රාගයෙන්, තණ්හාවෙන්. දැන් මෙතන අර බිඳවැටීම නිතර නිතර දකින කොට මේ පිළිබඳව යම්කිසි කලකිරීමක් ඇතිවෙනව - මේක කරදරයක් හැටියට. ඒ විරාගය නිසා අර සමුදය, - එහෙම නැත්නම් මේක නැවත නැවත මතුකර ගැනීමට ඇති තෘෂ්ණාව තුනීවෙනව. ඒ තුනීවෙන්න වෙන්න, නිරෝධය ප්‍රකට වෙන්න පටන් ගන්නව.

තණ්හාවෙන් වැසිල තිබුණයි කියල කියන්නෙ මොකද? නිරෝධය වෙනවත් එක්කම ඉතාම ශීඝ්‍රයෙන් නැවත සමුදයක් ඇතිකර ගැනීමට තණ්හාව රුකුල් දෙනව. මේ තණ්හාව ‘පොනොභවිකා නÁදිරාගසහගතා තත්‍රත්‍රාභිනÁදිනී’ ඒ ඇල්ම නිසාම, ඒ ඒ තැන සතුටුවන ස්වභාවය නිසාම ‘මේක බිඳුනට කමක් නෑ වෙන එකක් අල්ලන්න වෙන එකක් අල්ලන්න’ කියනව. ‘වෙන හුස්මක් අල්ලන්න, ඒක නැතිවුනාට කමක් නෑ’ කියලා ඔය විදියට, උසි ගන්වන ස්වභාවයක් තෘෂ්ණාවෙ තිබෙනව.

මේ විරාගය නිසා අර උසිගැන්වීම අඩුවෙනකොට, ඔන්න වැඩිය පෙනෙන්නේ, වඩාත් ප්‍රකට වෙන්නෙ, නිරෝධය – නැතිවීම, බිඳීම. හිතත් පෙරලෙන විදිය. ඒ විදියට නිරෝධානුපස්සනාව. එතනත් ක්‍රමානුකූලත්වයක් තියෙනව.

ඒ විදියට නිරෝධය දකින පුද්ගලයා තුළ, මේ කරන මේ ප්‍රයත්න ව්‍යර්‍ථ වනහැටි, මේව නිෂ්ඵල වනැහැටි, මේ නිෂ්ඵල ස්වභාවය වැටහෙන්නට පටන්ගන්නව, තේරෙනව. මේව නිෂ්ඵල ප්‍රයත්න රාශියක් නිෂ්ඵල තැනක්. නිරඵ¢ක තැනක්. නිතරම ව්‍යර්‍ථවන තැන් සමූහයක්, උත්සාහ ප්‍රයත්න සමූහයක් හැටියට මේ ආශ්වාස ප්‍රශ්වාසය පවා වැටහෙනව. එහෙම වැටහෙන කොට, දැන් එතකොට, මේ ආශ්වාසය ගන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී’ – අතහැර දැමීමට. මේකෙන් වැඩක් ගැනීමට නෙවෙයි.

මේකෙ හිස්බව තේරුම් ගැනීමට අනාත්ම බව තේරුම් ගැනීම - ශූන්‍යත්වය තේරුම් ගැනීමට. පටිනිස්සග්ගානුපස්සී.’ එතන ආනාපාන සතියෙ උග්‍රම විදශ¡නාව පෙන්නුම් කෙරෙනව. ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමි’ අතහැර දැමීම දිහා බලා ගෙනමයි ආශ්වාස කරන්නෙත්. අල්ලා ගැනීමට නොවෙයි ප්‍රයෝජනයක් ගැනීමට නොවෙයි. ඒ වගේම, ප්‍රශ්වාස කරන්නෙත් ‘පටිනිස්සග්ගානුපස්සී. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. අන්න දැන් අපි ආයිත් අර ළිඳේ උපමාව කිට්ටු කර ගනිමු. දැන් කරන්නෙ මේකයි. අර වතුර අදිනව වෙනුවට මේ හුස්ම අදිනව.

හුස්ම අදින්නේ හෙළන්න. අදින්නේ හෙළන්න. අල්ලගන්න නොවෙයි. හුස්ම අල්ලගෙන යමක් කරන්න නෙවෙයි. හුස්ම ගන්නෙ – හුස්ම අදින්නෙ - හෙළන්න. ඒ කියන්නෙ, යම්කිසි ධම¡තාවක් විතරයි දැන් පේන්නෙ. ඒක අල්ලගෙන වැඩක් කරන ‘මමෙක්’ වත්, ඒක අල්ලගෙන ජීවත්වෙන ‘මමෙක්’ වත් නොවෙයි දැන්. ඒ වෙනුවට මේ ශරීර කූඩුවෙ තියෙන යම්කිසි ධම¡තාවක්. හරියට ඔය බෝක්කුවක එක පැත්තකින් වතුර ඇතුල්වෙනව, අනිත් පැත්තෙන් පිටවෙනව.

ඔය විදියෙ දෙයක්. අර බෝක්කුව ගැන ඇල්මක් නෑ. අතහැර දැමීම දකිමින්ම ආශ්වාස කරනව අතහැරදැමීම දකිමින්ම – ඒ අනුව බලමින්ම – ප්‍රශ්වාස කරනව. මේ තුළින්. එතකොට භංග, භය, ආදීනව - ඔය කියන ඔය විදශ¡නාඥාන එහෙම හුඟක් මෝරල, මේවයෙ තියන මේ තත්ත්වය දැකල, අතහැර දැමීමයි – අතහැරීමෙන්ම මේ විමුක්තිය බලාපොරොත්තුවන තත්වයයි දැන්තිබෙන්නෙ.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා