මහනුවරට කුඩු ගෙනා යුවළක් කොටුවෙති

මහනුවරට කුඩු ගෙනා යුවළක් කොටුවෙති

මහනුවරට හෙරොයින් ගෙන්වා බෙදා හරින බවට සැක කරන අඹු සැමි යුවළක් ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයන්හි හෙරොයින් පැකට් තොගයක් සඟවාගෙන සිටියදී මහනුවර දංගොල්ල ප්‍රදේ්ශයේ දී මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී කාන්තාවගේ ශරීර අභ්‍යන්තරයේ තිබී හෙරොයින් පැකට් 02 ක් හා සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ තිබී කුඩා පැකට් සියයක් පමණ සැකසිය හැකි ග්රෑම් එකහමාරක හෙරොයින් පැකට්ටුවක් හමු වී ඇත.

මොවුන් නගරයේ නිතර නිතර සැරි සරමින් වෙළෙඳසල් ආදිය කරා ගමන් කරමින් සැක නොසිතන ආකාරයට අඹු සැමියන් ලෙස සිට හෙරොයින් ජාවාරමේ ඉතා සූක්ෂම අයුරින් කලක සිට නිරතව ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙහිදී අත්අඩංගුවට ගැණුනු සැකකරු හට හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වරෙන්තු දෙකක් තිබෙන බැව් පොලිසිය පවසයි. මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රමුඛ නිලධාරීහු පිරිසක් මෙහි පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා