ගම්පහ ආධුනික වොලිබෝල් 24දා

ගම්පහ ආධුනික වොලිබෝල් 24දා

ගම්පහ ආනන්ද ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ආධුනික වොලිබෝල් තරගාවලිය මේ මස 24 දින දවස පුරා ආනන්ද මාවතෙහි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  මේ තරගාවලිය සඳහා ගම්පහ දිස්ත්‍රික්කටයේ ආධුනික වොලිබෝල් කණ්ඩායම් සඳහා පමණක් විවෘත වේ.

තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායමට සූරතා කුසලානය සමග රුපියල් 15000ක් ද අනුසූරතාව දිනා ගන්නා කණ්ඩායමට අනුසූරතා කුසලානය සමග රුපියල් 10000ක් හා තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 5000ක් ද පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.  වැඩි විස්තර 0777155930 දුරකතන අංකයෙන් විමසිය හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා