ගෙහිමියා මරා රන් කොල්ලකෑ සැකකරු බරපතළ වැඩ ඇතිව දොළොස් වසරක් හිරේ

ගෙහිමියා මරා රන් කොල්ලකෑ සැකකරු බරපතළ වැඩ ඇතිව දොළොස් වසරක් හිරේ

ගෙහිමියා මරා රන් ආභරණ හා මුදල් පැහැරගත් විත්තිකරුවකුට බරපතළ වැඩ ඇතිව දොළොස් වසරක සිර දඬුවම් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා එයට අමතර රුපියල් 5000ක දඩයක් නියම කළේය.

දඩය නොගෙව්වොත් තවත් වසර දෙකකින් සිර දඬුවම් දීර්ඝ කරන බවත් කීය.

1998/05/16 දින හෝ ඊට ආසන්න දිනයකදී එම්. එච්. පියසේන නැමත්තාගේ මරණය සිදුකොට ඔහුට අයත් රුපියල් 60,000ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදලින් රුපියල් 45,000ක් පැහැර ගැනීම සම්බන්ධයෙන් කුලියාපිටිය පිදංචිකරුවෙකි.

දෙවැනි චූදිත ඩී.එච්. කරුණාරත්න මියගොස් ඇති බැව් අධිකරණයේදී හෙළිදරව් විය. මියගිය අයට මොට ආයුධයකින් පහර දී කොට ඝාතනය කොට ඔහු සතු මුදල් සහ රන් ආභරණ පැහැර ගෙන ගොස් ඇති බවට මෙම නඩුවේ සාක්ෂිකරුවන් දී ඇති කට උත්තරවලින් මනාව ඔප්පුවී තිබෙන බවත් රන් භාණ්ඩ සියල්ලම ස්වර්ණාභරණ වෙළෙඳ සැලකට විකුණා ඇති බවත් පැමිණිල්ල ඉදිරිපත් කළ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කියා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මහතා මෙදින උසාවියට නොපැමිණ වෙනත් නීතිඥ මහතකුට නඩුව බාරදී තිබුණි.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුට සුළු දඩුවමක් ලබාදෙන ලෙසයි.

පැමිණිල්ලේ සාක්කි පරස්පර විරෝධයකින් තොරව ඔප්පුවී තිබෙන බැව් කී විනිසුරුවරයා චූදිතයාට වසර 12 ක සිර දඬුවමක් සමග රු. 5000ක දඩයක් නියම කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා