සිරියාවේ උත්සන්න වන මර්දන ක්‍රියා ජගත් මානවහිමිකම් කවුන්සිලය  හෙළා දකී

සිරියාවේ උත්සන්න වන මර්දන ක්‍රියා ජගත් මානවහිමිකම් කවුන්සිලය  හෙළා දකී

සිරියාවේ දිනෙන් දිනම උත්සන්න වන දැඩි මර්දනකාරි ක්‍රියා ප්‍රධාන පෙළේ ජගත් සංවිධානයේ මානව හිමිකම් කමිටුවක් විසින් අඟහරුවාදා දැඩි සේ හෙළා දැක තිබේ. මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හේ දරදඬු ක්‍රියා පිළිවෙතට එරෙහි ජාත්‍යන්තර බලපෑම්ද දැඩි වී තිබේ.

අසාද් ගේ පාලනයට එරෙහිව ජගත් සංවිධාන යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 122 ක් ඡන්දය දී ඇත. සිරියාවට සහාය දක්වා ඇත්තේ සාමාජික රටවල් 12 ක් පමණි. ඉහත යෝජනාවෙන් සිරියාවේ දිගින් දිගටම සිදුවන බරපතළ මානව හිමිකම් කඩකිරීම් දැඩි සේ හෙළා දැක තිබේ.

අසාද්ගේ දරදඬු පාලනයට එරෙහිව ජගත් සංවිධානය පසුගිය මස ඉදිරිපත් කළ යෝජනාවකට එරෙහිව රුසියාව සහ චීනය විසින් නිෂේධ බලය පාවිච්චි කර තිබිණි.

ජගත් සංඛ්‍යා ලේඛනවලට අනුව සිරියාවේ රාජ්‍ය විරෝධී ගැටුම්වලින් මෙතෙක් මියගොස් ඇති සංඛ්‍යාව 3,500 කට අධිකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා