ගඩාෆි රජය පෙරළා දැමූ කැරලි නායකයන්ට  ලිබියානු රජයේ ප්‍රබල ඇමැති ධුර

ගඩාෆි රජය පෙරළා දැමූ කැරලි නායකයන්ට  ලිබියානු රජයේ ප්‍රබල ඇමැති ධුර

ලිබියාවේ දශක 4 කට වැඩි පාලනයක් ගෙනගිය ජනාධිපති මොමර් ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට මුල්වූ හිටපු කැරලි නායකයින්ට පෙරේදා ප්‍රකාශයට පත් නව ලිබියානු රජයේ මූලික ඇමැති ධුර හිමිව තිබේ.

ගඩාෆි ඝාතනයෙන් මසකට පසු පැවැත්වු පුවත් සාකච්ඡාවකදී අන්තර්වාර අගමැති අබ්දුල් රහිම් අල් කිබ් විසින් නව රජය ප්‍රකාශයට පත් කරන ලදී.

සමස්ත ලිබියාවම නියෝජනය වන පරිදි නව තනතුරුවලට පුද්ගලයන් පත් කළ බව ඔහු කීිවේය. නව ඇමැති මණ්ඩලය ඉකුත් ඉරිදා නම් කිරීමට නියමිත ව තිබුණු නමුදු ගඩාෆි පුත් සෙයිෆ් අල් ඉස්ලාම් ග්‍රහණය හේතුවෙන් එය ප්‍රමාද වූ බව පැවසී තිබේ.

මේ අනුව ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු, විදේශ, අභ්‍යන්තර ඛනිජ තෙල් හා ගෑස්, තරුණ හා ක්‍රීඩා කටයුතු හා සිවිල් සමාජ ආදී ඇමති ධුර ඇතුළු සෙසු ඇමැති ධුර හිටපු කැරලි නායකයන්ට හා විපක්ෂ නායකයින්ට හිමිව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා