ළමයින්ගේ අසැබි දසුන් නිර්මාණය හා  බෙදාහැරි අමෙරිකානුවකුට වසර 315ක සිර දඬුවම්

ළමයින්ගේ අසැබි දසුන් නිර්මාණය හා  බෙදාහැරි අමෙරිකානුවකුට වසර 315ක සිර දඬුවම්

ළමයින්ගේ අශ්ලීල ඡායාරූප නිර්මාණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් වරදකරු වූ එක්සත් ජනපද ඉන්දියානා ප්‍රාන්ත වැසියකුට වසර 315 ක සිරදඬුවමක් නියම වූ බව අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ වී තිබේ.

25 හැවිරිදි ෙඩිවිඩ් බොස්ටික් නම් මේ පුද්ගලයා සමාජයේ ඉතා ඉක්මනින්ම ගොදුරු බවට පත්වන කොටස ඉලක්ක කරගනිමින් අයථා ලිංගික ක්‍රියා දැක්වෙන තුච්ඡ ක්‍රියාවක නිරත ව ඇතැයි සහකාර නීතිපති වරයා ප්‍රකාශ කර ඇත.

මෙය ළමා අශ්ලීල ඡායාරූප සිද්ධි සම්බන්ධයෙන් මෙතෙක් කාලයකට පරීක්ෂණයට ලක්කෙරුණු වැදගත්ම සිද්ධිය බව එෆ් බී අයි ආයතනය ද ප්‍රකාශ කර ඇත. මීට අදාළ නඩු විභාගය නිසා එක්සත් ජනපදය හා ඉන් පිටත ඊට සම්බන්ධ ළමයින් 24 දෙනකු පමණ හඳුනාගැන්මට හා ඔවුන් බේරාගැන්මට හැකිව තිබෙන බව සඳහන්ය. තවද සිද්ධියට සම්බන්ධ වරදකරුවන බොස්ටික් මෙවන් වරදක් සම්බන්ධයෙන් මෙතෙක් නඩු පැවරුණු භයානකම පුද්ගලයා බව නීතිපතිවරයා පෙන්වාදී තිබේ.

සිවු හැවිරිදි හෝ ඊටත් බාල ළමයින් පස්දෙනකු හා දෙමස් හැවිරිදි බිලිදෙකු සම්බන්ධ අසභ්‍ය ඡායාරූප නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉකුත් ජූනිමාසයේදී ඔහු වරද පිළිගෙන තිබිණි.

මේ ඡායාරූප ලෝකයේ මෙවන් ඡායාරූප නිර්මාණයට සම්බන්ධ පුද්ගලයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගැන්මට ද ඔහු පෙළඹී තිබිණ. මීට අදාළ දඬුවමින් සිදුව ඇති හානිය හා වේදනාවන් සමනය නොවන නමුදු ළමා ලිංගික අපයෝජනයන් දරුණු දඬුවම් හිමිවන ක්‍රියාවක්ය යන පණිවිඩය නිකුත් කෙරෙන බව අධිකරණය කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා