කුරීවෙල මහින්ද රාජපක්ෂ විදුහල හා ගලේවෙල මැදි විදුහල සූරතා දිනති

මාතලේ දිසා මලල ක්‍රීඩා උළෙල

කුරීවෙල මහින්ද රාජපක්ෂ විදුහල හා ගලේවෙල මැදි විදුහල සූරතා දිනති

මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 15 වැනි මාතලේ දිසා මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 10ක් දිනා ගනිමින් බාලක සූරතාව කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා පාසල ද බාලිකා සූරතාව රන් පදක්කම් 16ක් දිනාගනිමින් ගලේවෙල මධ්‍ය මහා විදුහල ද දිනා ගත්හ.

මෙවර බාලක රන් පදක්කම් 9ක් හා බාලිකා රන් පදක්කම් 12ක් දිනා ගත් මාතලේ ක්‍රිස්තුදේව විදුහලට සමස්ත බාලක හා බාලිකා අනුසූරතා හිමිවිය.

මේ තරගාවලිය පසුගියදා මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාගංණයේදී පැවැත්විණි. මෙහිදී සමාරම්භක උළෙල ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ද සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය ප්‍රවීණ මලල ක්‍රීඩක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බළගණ නායක සම්පත් එරංග පේ‍්‍රමවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ද සිදුවූහ.

මේ අවස්ථාවට මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජයන්ත වික්‍රමනායක සහ ලේකම් රංජිත් අළුවිහාරේ යන මහත්වරු ද එක්වූහ.

මේ තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

අවුරුදු 11න් පහළ – ඉෂාන් රශ්මික කුමරාසිංහ (අකුරම්බොඩ ම.ම.වි) උරේෂා ප්‍රභාෂණ රණතුංග (ක්‍රිස්තුදේව වි.)

අවුරුදු 13න් පහළ - එස්.එම්.ටී.බී. සමරකෝන් (ක්‍රිස්තුදේව වි.) සජිනි ලෂිකා කරුණාරත්න (මකුළුගස්වැව ම.වි)

අවුරුදු 15න් පහළ - සී.ජී.ඩී. සංජීව (ක්‍රිස්තුදේව වි.) නදීෂානි අයේෂිකා උඩුවිල්ල (ක්‍රිස්තුදේව වි.)

අවුරුදු 17න් පහළ - යූ.ජී. නදුළ දර්ශන (ක්‍රිස්තුදේව වි.) එච්.එම්. රෙහානි පියුමි කුමාරි (ක්‍රිස්තුදේව වි.)

අවුරුදු 19න් පහළ - හෂාන් දක්ෂිත (ගලේවෙල ම.ම.වි) බි.ඒ.චින්තා සඳශීලි (ශ්‍රී සංඝමිත්තා බා.වි)

අවුරුදු 21න් පහළ - ටී.ආර්.බී. ගමගේ (සාන්ත තෝමස් වි.) ජයමිණි කෞෂල්‍යා (දඹුල්ල පේ‍්‍රමානන්ද පිරිවෙණ)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා