PGA ගොල්ෆ් සුරතාවලිය මහනුවරදී

PGA ගොල්ෆ් සුරතාවලිය මහනුවරදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ ආසියා ශාන්තිකර PGA ගොල්ෆ් සූරතා තරගාවලිය ඊයේ (17) සහ අද (18) මහනුවර ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වික්ටෝරියා ගොල්ෆ් පිටිය ඉන්දීය උප මහාද්වීපයේ පිහිටි අභියෝගාත්මක තරග පිටියක් බව ජාත්‍යන්තර ගොල්ෆ් සොලුයුෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මයික් වර්නේ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ආසන්න වූ දර්ශනීය මනරම් කඳු වැටිවලින් වටවූ මේ පිටිය සංචාරක ආකර්ශනය දිනාගැනීමට සමත් බවද හෙතෙම කීය. ජ්‍යෙෂ්ඨ ආසියා ශාන්තිකර PGA සූරතාවලියට ශ්‍රී ලන්කන් ගුවන් සේවය අනුග්‍රහය දක්වයි. මෙම තරගාවලිය සඳහා ඇමරිකාඑක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් පැමිණ ඇති අතර ක්‍රීඩකයන් 53 දෙනෙකු තරග වදිති.

මෙම තරගාවලියේ ඊයේ දිනයේ ඉදිරියෙන් ඔස්ට්‍රේලියානු මයික් හාවුඩ් මහතා සිටින අතර ශ්‍රී ලාංකීය ගොල්ෆ් ක්‍රීඩක නන්දසේන පෙරේරා මහතා ද තරග වදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා